FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

කස්සප හිමි ඇතුළු තුන්නමක් මාරාන්තික උපවාසයක් අරඹයි

FM Heart · 1 min read

The Heart Academy
පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු තුන්නමක් අනුරාධපුර සත්‍යග්‍රහය සිදුකරමින් සිටි ස්ථානයේ අද (11) පෙරවරුවේ මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබේ. අනුරාධපුර පූජා භූමි සංවර්‍ධන ව්‍යාපෘතියට එරෙහිව භික්ෂූන් වහන්සේ පිරිසක් රුවන්වැලි සෑය අභියස දන්සල් භූමියේ පසුගිය 7 වැනිදා සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබුණි. මේ අතර කොළඹ දිසා අපරාධ කොට්ඨාසයට අද වැඩම කර ප්‍රකාශයක් ලබාදෙන ලෙසටද පූජ්‍ය කස්සප හිමිට දැනුම්දී තිබුණි. කෙසේවෙතත් එවන් පසුබිමක පූජ්‍ය කස්සප හිමි ඇතුළු තුන්නමක් මෙලෙස මාරාන්තික උපවාසයක් ආරම්භ කර ඇත.
99mobile