
ඉරාන තර්‍ජන හමුවේ බ්‍රිතාන්‍යයේ ඇමෙරිකානු යුද ගුවන් යානා ඉවත් කරගනී...
FM Heart · 1 min read
එම පුවත්පත සඳහන් කරන්නේ, බ්‍රිතාන්‍යයේ සෆොක් ප්‍රදේශයේ පිහිටි ‘රෝයල් එයාර් ෆෝස් මිල්ඩෙන්හෝල්’ ගුවන් හමුදා කඳවුරේ ස්ථානගත කර තිබූ ඇමෙරිකානු ගුවන් හමුදාවට අයත් ගුවන් යානාවලට ඉන්ධන පිරවුම් ටැංකි යානා දෙකක් ජර්‍මනිය වෙත හරවා යවා ඇති බවයි. ඊට අමතරව එම කඳවුරේ තිබූ තවත් මෙහෙයුම් සහායක ගුවන් යානා කිහිපයක් ද ජර්‍මනිය ඇතුළු යුරෝපයේ වෙනත් කඳවුරු කරා කඩිනමින් මාරු කර යැවීමට පියවර ගෙන තිබේ. මේ වන විට ‘මිල්ඩෙන්හෝල්’ සහ ‘ලේකන්හීත්’ යන කඳවුරුවල ආරක්ෂක තත්ත්වය ‘එෆ්පීකොන් චාලි’ මට්ටම දක්වා ඉහළ නංවා ඇති බව ඇමෙරිකානු නිලධාරීන් තහවුරු කර ඇත. ‘එෆ්පීකොන් චාලි’ යනු ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වීමේ ඉහළ සම්භාවිතාවක් හෝ පැහැදිලි බුද්ධි තොරතුරක් ලැබුණු විට ක්‍රියාත්මක කෙරෙන, ඇමෙරිකානු ආරක්ෂක දෙපාර්‍තමේන්තුව සතු දෙවන ඉහළම හදිසි ආරක්ෂක සීරුවෙන් තැබීමේ සංඥාවයි. කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත්තේ වෙනත් රටවල හමුදා මෙහෙයුම් කටයුතු පිළිබඳව සාමාන්‍යයෙන් අදහස් දැක්වීමෙන් වැළකී සිටින බවත්, මෙහෙයුම් අවශ්‍යතා මත ගුවන් යානා ස්ථාන මාරු කිරීම සාමාන්‍ය ක්‍රියාවලියක් බවත්‍ය. ඇමෙරිකානු ගුවන් හමුදාව ද මෙහෙයුම් රහස්‍යභාවය මත වැඩිදුර තොරතුරු අනාවරණය කිරීම ප්‍රතික්ෂේප කර තිබේ.

