FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

කොළඹ රෝහල් රැසක ගෝස් නෑ... තුවාලකරුවන්ට කඩෙන් ගේන්නැයි දන්වයි

FM Heart · 1 min read

The Heart Academy
කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය රෝහල් රැසක වසර දෙකක පමණ කාලයක් තිස්සේ “ගෝස්’’ නොමැති බව කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී අනාවරණය විය. කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව පාර්‍ලිමේන්තු මන්ත්‍රි ලක්ෂ්මන් නිපුනආරච්චිගේ ප්‍රධානත්වයෙන් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයයේදී පැවැත්විණි. මෙහිදී, කඩුවෙල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති, පාර්‍ලිමේන්තු මන්ත්‍රි අසිත නිරෝෂණ කියා සිටියේ වසර දෙකක පමණ කාලයක් තිස්සේ ප්‍රාදේශීය රෝහල්වල තුවාලවලට බෙහෙත් දැමීමේදී යොදාගන්නා ගෝස් නොමැති බවය. අතුරුගිරිය, තලංගම, නවගමුව ආදී ප්‍රාදේශීය රෝහල්වල ගෝස් හිඟය දැඩි ලෙස පවතින බවත්, තුවාලයකට ප්‍රතිකාර ලබාගැනීමට ගිය විට ඒවා බාහිරින් රැගෙන එන ලෙස රෝගීන්ට දැනුම්දීමට රොහල් කාර්‍ය මණ්ඩලවලට සිදුවී තිබෙන බවත් මන්ත්‍රිවරයා පැවසීය. මෙහිදී, කොළඹ දිස්ත්‍රික් සෞඛ්‍ය බලධාරීන් කියා සිටියේ ඉදිරි දිනවලදී රෝහල්වලට වෛද්‍ය සැපයුම් අංශයෙන් ගෝස් ලැබීමට නියමිත බවය. වෛද්‍ය සැපයීම් අංශයේ අනුමැතියකින් තොරව ප්‍රාදේශීය රෝහල්වලට මිලදී ගැනීම් සිදු කිරීමට නොහැකි බවද ඔවුහු පෙන්වා දුන්හ. ප්‍රාදේශීය රෝහල්වලට මිලදී ගැනීමේ සීමාව 150,000 ක් පමණක් බවද ඔවුහු කියා සිටියහ.මේ නිසා රෝහලකට සැපයීමට හැකි වන්නේ ගෝස් රෝල් 100 ක් වැනි සුළු ප්‍රමාණයක් බවද ඔවුහු පැවසූහ. සාලිය කුමාර ගුණසේකර
99mobile