
ජොන්ස්ටන්ගේ අවසන් දිනය අදයි.. සිරදඬුවම්?
FM Heart · 1 min read
බදු නොගෙවා මෙරටට ගෙන්වන ලද සුඛෝපභෝගී මෝටර් රථයක් සන්තකයේ තබා ගැනීම සහ බදු වංචා කිරීම සම්බන්ධ චෝදනා වලට වරද පිළිගන්නා බවට පසුගිය (28) වනදා හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය. ඒ අනුව විත්තිකාර හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට දඬුවම් නියම කිරීම සඳහා නඩුව අද (11) දින කැඳවීමට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන පසුගියදා නියෝග කළේය. කොළඹ තරු පන්ති හෝටලයක රථගාලක නවතා තිබී සොයාගත්, ලියාපදිංචි නොකළ සහ ව්‍යාජ අංක තහඩු යොදා තිබූ BMW වර්‍ගයේ මෝටර් රථයක් නීතිවිරෝධී ලෙස සන්තකයේ තබාගැනීම හා බදු නොගෙවීම සම්බන්ධයෙන් සැකකරුට එරෙහිව එම නඩුව ගොනුකර ඇත. ඒ අනුව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට අද (11) දින දඬුවම් නියම කිරීමට නියමිතය.

