
මෙම වසරේ දිවයිනට පැමිණි විදෙස් සංචාරකයින් ගණන දහනව ලක්‍ෂය පනී
FM Heart · 1 min read
මෙම වසරේදී ශ්‍රී ලංකාවට පැමිණි විදේශීය සංචාරකයින් ගණන දහනව ලක්ෂයේ සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. ශ්‍රී ලංකා සංචාරක සංවර්‍ධන අධිකාරිය නිකුත් කළ නවතම දත්තවලට අනුව, මෙම වර්‍ෂයේ ජනවාරි පළමු වැනිදා සිට නොවැම්බර් 08 වැනිදා දක්වා කාලය තුළ මෙරටට පැමිණ ඇති විදේශීය සංචාරකයින් දහ නව ලක්ෂ 12,233 ක්. මෙම මාසයේ 1 වැනිදා සිට 08 වැනිදා දක්වා කාලය තුළ පමණක් සංචාරකයින් 49,929 දෙනෙකු මෙරටට පැමිණ ඇති බවද සංචාරක සංවර්‍ධන අධිකාරිය නිකුත් කළ නවතම වාර්‍තාවේ සඳහන්. මෙම වසරේදී වැඩිම සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇත්තේ ඉන්දියාවෙන්. ඉන්දීය සංචාරකයින් පන්ලක්ෂ 12,026 දෙනෙකු එම කාල සීමාව තුල මෙරටට පැමිණ තිබෙනවා. එක්සත් රාජධානියෙන් සංචාරකයින් 176,670 දෙනෙකු ද, චීනයෙන් සංචාරකයින් 126,326 දෙනෙකු ද, ජර්‍මනියෙන් සංචාරකයින් 108,754 දෙනෙකු ද මෙම වසරේ ගතවූ කාල සීමාව තුල මෙරටට පැමිණ ඇති බවයි සංචාරක සංවර්‍ධන අධිකාරිය සඳහන් කළේ. .

