FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

බාල ගල්අගුරු පාඩුව විදුලි පාරිභෝගිකයන් මත පටවන්න එපා!

FM Heart · 2 min read

The Heart Academy
පොරොන්දුවක් දුන්නොත් පෙත්සම අස්කර ගන්නම් නීතිඥ නුවන් බෝපගේ උසාවියට දැනුම් දෙයි මෑතකදී බාල ගල්අඟුරු ආනයනයෙන් සිදු වූ පාඩුව විදුලි පාරිභෝගිකයින් මත පැටවීමක් නොකරන බවට ප්‍රතිඥාවක් ලබා දෙන්නේ නම් ඊට එරෙහිව ගොනු කර තිබෙන පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට සූදානම් බව පෙත්සම්කාර පාර්‍ශ්වයේ නීතිඥවරයා ඊයේ (10) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය. බාල ගල්අඟුරු ආනයනය තුළින් සිදුවන පාඩුව විදුලි පාරිභෝගිකයින් වෙත පැටවීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා විසින් ගොනු කර තිබෙන පෙත්සමක් අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ ඒ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නුවන් බෝපගේ මහතා මෙම දැනුම්දීම කළේය. බාල ගල්අඟුරු ආනයනය කිරීම හේතුවෙන් ඇති වූ පාඩුව පියවා ගැනීම සඳහා විදුලි ගාස්තු වැඩිකිරීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා බලශක්ති ඇමැති අනුර කරුණාතිලක, එම අමාත්‍යාංශයේ ලේකම් සහ මහජන උපයෝගීතා කොමිසම ඇතුළු වගඋත්තරකරුවන් පිරිසකට එරෙහිව ගොනු කළ පෙත්සමක් සලකා බැලීම අභියාචනාධිකරණයේදී සිදු කෙරුණි. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභික, අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත. අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ අභියාචනාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහත්වරුන් ඉදිරියේ මෙම පෙත්සම කැඳවනු ලැබීය. එහිදී පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නුවන් බෝපගේ මහතා මහජන උපයෝගීතා කොමිසම විසින් ජාතික පද්ධති ක්‍රියාකාර සමාගමට යොමු කර ඇති ලිපියක් සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් කරුණු ඉදිරිපත් කළේය. බාල ගල්අඟුරු භාවිත කර විදුලිය උත්පාදනය කිරීමේදී ඇති වූ පාඩුව පියවා ගැනීම විදුලි බිල වැඩි කිරීම හරහා ජනතාවගෙන් සිදු කර නොගන්නා බවට අධිකරණය හමුවේ වගඋත්තරකරුවන් ප්‍රතිඥාවක් ලබා දෙන්නේ නම් පෙත්සම ඉවත් කර ගන්නා බව නීතිඥවරයා එහිදී කියා සිටියේය. ඒ.ජේ.ඒ. අබේනායක
99mobile