
වෛද්‍යවරුන්ගේ ගැටලූවලට සැබෑ විසඳුම් ලැබේවි!
FM Heart · 1 min read
GMOA විශ්වාසය පළ කරයි 2027 වසර සඳහා රජය හෙට (12දා) ඉදිරිපත් කරන අය-වැය මගින් මෙරට වෛද්‍යවරුන් මුහුණදී සිටින සැබෑ ගැටලූවලට සැබෑ විසඳුම් ලැබෙනු ඇතැයි දැඩි විශ්වාසයක් ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. ආර්‍ථික අසාධාරණයට, වෛද්‍ය හිඟයට සහ දීමනා කප්පාදුවට එරෙහිව, එම සංගමය ඊයේ (10දා) කොළඹදී විරෝධතාවක නිරත විය. ඒ සඳහා සියලූ දිස්ත්‍රික් ශාඛා සමිති නියෝජනය කරමින් සාමාජිකයෝ එක්ව සිටියහ. වෛද්‍යවරුන්ගේ දීමනා සහ වැටුප් කප්පාදුව ඇතුළු ගැටලූ සම්බන්ධයෙන්, මෙවර අය-වැයෙන් විසඳුම් බලාපොරොත්තු වන බව විරෝධතාවට එක්ව සිටි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේය.

