
රජයේ තෙවැනි අයවැය හෙට බදු සහන සමග දීමනා වැඩිවීමක්
FM Heart · 2 min read
රාජ්‍ය සේවක මූලික වැටුපත් ඉහළට රජයට සියලූ බදු අහිමි කරගන්න බැහැ- කැබිනට් ප්‍රකාශක ඇමැති නලින්ද ජයතිස්ස ලබන වර්‍ෂය (2027) සඳහා ජනාධිපතිවරයා හෙට (12දා) ඉදිරිපත් කරන අය – වැය ලේඛනයෙන් ඇතැම් බදු වර්‍ගවලට සහන ප්‍රමාණයක් ලබාදෙන අතරම ඇතැම් දීමනා වැඩිවීමක් ද සිදුවන බව කැබිනට් ප්‍රකාශක සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින් ද ජයතිස්ස මහතා පැවසීය. පසුගිය අය – වැය යෝජනා පරිදි රාජ්‍ය සේවකයන්ගේ මූලික වැටුපෙන් වැඩිවීමක් සිදුවන බවද ඇමැතිවරයා කියා සිටියේය. මෙසේ ඉදිරි අය – වැයෙන් ඇතැම් ක්ෂේත්‍රවලට බදු සහන ප්‍රමාණයක් ලැබෙනු ඇති නමුත් ඇතැම් බදු වෙනස් කිරීමේදී ඉතා කල්පනාකාරි විය යුතු බවත් සියලූ බදු අහිමි කරගැනීමේ හැකියාවක් රජයට නොමැති බවත් ඇමති නලින්ද ජයතිස්ස මහතා ඊයේ (10දා) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්වලට පිළිතුරු දෙමින් පැවසීය. පසුගිය වසර දෙකේදී ආර්‍ථිකය ස්ථාවර කිරීමෙන් පසු ඉදිරි වර්‍ෂ 3 දී ආර්‍ථිකය ඉහළ සංවර්‍ධනයක් කරා පරිවර්‍තනය කිරීම රජයේ අපේක්ෂාව බවත් ඇතැම් ආර්‍ථික අංශවලට පරිවර්‍තනීය වෙනසක් සිදුකිරීම ස`දහා වැඩි ප්‍රතිපාදන අය – වැයෙන් (2027) වෙන්වනු ඇති බවත් ඇමැති නලින්ද ජයතිස්ස මහතා තවදුරටත් කියා සිටියේය. ලබන වර්‍ෂය (2027) සඳහා වන රාජ්‍ය අය – වැය ලේඛනය හෙට (12දා) දවල් 1.30 ට මුදල් ඇමැතිවරයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්‍ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. ශ්‍යාම් නුවන් ගනේවත්ත

