
රේස් ගිය බස් එකට ගැටී 4ක් මරුට – ඉස්සර කරන්න ගිහින් විපත සිදුවෙලා
FM Heart · 4 min read
අනුරාධපුර – මැදවච්චිය පාරේ රඹෑවේදී 61 කට තුවාල – 6 කට බරපතළයි තරගයට ගිය පුද්ගලික බස් රිය ඕවර්ටෙක් කරන්න ගිය ලංගම බස් රථය ඉදිරියෙන් ආ තවත් ලංගම බසයක ගැටිලා අනාරක්ෂිත රිය ධාවනය අධික වේගය අනතුරට හේතුවයි පිහියක් ගෙනල්ලා වයර් එක කැපුවා ඞීසල් බටේ කැඩුවා ඊට පස්සේ තමයි එන්ජින් එක නතර වුණේ අනුරාධපුර – මැදවච්චිය ප්රධාන මාර්ගයේ රඹෑව ප්රදේශයේදී පුද්ගලයන් 04 දෙනකුට දිවි අහිමි කරමින් තවත් 61 දෙනෙකුට අධික පිරිසකට තුවාල කරමින් ඊයේ (10 දා* පෙරවරුවේ සිදුවූ මාරක බස් රථ අනතුර, අනාරක්ෂිත රිය ධාවනය සහ අධික වේගය නිසා සිදුවී ඇති බව විමර්ශනවලින් හෙළි වී ඇත. මෙම අනතුරින් තුවාල ලැබූ තවත් පිරිසක් දැඩිසත්කාර ඒකකයේ ප්රතිකාර ලබති යාපනය සිට අක්කරේපත්තුව බලා ධාවනය වූ ලංගම බස් රථයක් සහ කැබිතිගොල්ලෑවේ සිට අනුරාධපුර බලා ධාවනය වූ තවත් ලංගම බස් රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් මෙම මාරක අනතුර සිදුවිය. මියගිය කැබිතිගොල්ලෑව ශ්රී ලංගම බස් රථයේ රියදුරු ඒකනායක මෙම බස් රථ දෙක අනතුරට ලක්වූ අවස්ථාවේ එක් බස් රථයක් පිටුපසින් තරගයට ධාවනය වී පැමිණි පෞද්ගලික බස් රථයක් ද මෙහි ගැටී අනතුරට ලක්වී ඇත. එම බස් රථය වව්නියාවේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ බව පොලිසිය පවසයි. අනතුරින් ලංගම බස් රථ දෙකට දැඩි අලාභහානි සිදුවී ඇති අතර එම බස් රථවල සිරවී සිටි තුවාලකරුවන් පිටතට ගැනීමට දැඩි වෙහෙසක් දැරීමට පොලිසියට සහ ප්රදේශවාසීන්ට සිදු විය. මෙම මාරක රිය අනතුර සිදුවී තිබුණේ ඊයේ උදෑසන 10.30ට පමණය. අනතුර සිදුවන අවස්ථාවේ ලංගම බස් රථ දෙකේ මගීන් 100කට අධික පිරිසක් ගමන් කරමින් සිට ඇත. අනතුරින් තුවාල ලැබූ මගීන් අනුරාධපුර, රඹෑව, සහ මැදවච්චිය රෝහල් වෙත රැුගෙන යෑමට ප්රදේශවාසීහු සහ පොලිසිය කටයුතු කළහ. ලංගම බස් රථ දෙක අධික වේගයෙන් සහ ඉතාම අනාරක්ෂිත ආකාරයට ධාවනය වී ඇති බව විමර්ශනවලින් අනාවරණය වී ඇත. අධික වේගයෙන් ධාවනය වී ඇති එක් ලංගම බස් රථයක් පෞද්ගලික බස් රථයට ඉස්සර කළ අවස්ථාවේ ඉදිරියෙන් පැමිණි ලංගම බස් රථයේ ගැටී මෙම අනතුර සිදුවිය. අනතුරින් බස් රථ තුනේම රියැදුරන්ට බරපතළ තුවාල සිදුවී ඇත. තුවාලකරුවන් අතරින් හයදෙනකුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග පැවසීය. මිහින්තලේ සහ අනුරාධපුර පොලිසි මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වාගෙන යයි. මෙහිදී අදහස් දැක්වූ අනතුර සිදුවූ ස්ථානය ඉදිරිපිට පිහිටි හෝටල් හිමිකරුවෙකු වන යූ.ආර් වික්රමසිංහ මහතා. යළිත් වරක් කැබිදිගොල්ලෑව බස් බෝම්බය මතක්වුණා, නවයි කාලට විතර අක්කරපත්තුවේ යාපනේ බස් එක ආවා රඹෑව පැත්තේ ඉඳන්, මැදවච්චිය පැත්තෙ ඉඳන් ජනකපුර කොළඹ බස් එක ආවා, ජනකපුර බස් එක, ප්රයිවට් බස් එකකට ඉස්සර කරන කොටම අපේ කඬේ ඉස්සරහ හැප්පුනේ අක්කරේපත්තුව බස් එකේ, බස් දෙකම ස්පීඞ් ආවා බෝම්බයක් පුපුරනවා වගේ සද්දයක් ඇහුණා, ඒත් එක්කම තමයි කළු දුමක් දැම්ම සර සර ගාලා වීදුරු කෑලි වැටුණා ජනකපුර ඉඳන් ආපු එකේ ඇතුළේ ළමයි කෑ ගානවා ගන්න කියලා, ගන්න බැහැ කළු දුම පේන්නේ නැහැ. කොහොමහරි ළමයි දෙන්නෙක් විතර එළියට පැන්නා, පනින කොට මෙතන කෑම කන්න ආපු ආමි එකේ දෙන්නෙක් හිටියා එයාලා කෑම පැත්තට දාලා ගිහිල්ලා එයාලා ජනේල දෙකක් කඩලා කඩලා ඇතුළට ගිහිල්ලා තුවාලකරුවන් ගත්තා විශාල පිරිසක් ආවා. ඒ වෙනකොට විනාඩි විස්සක් විතර බස් එකේ එන්ජිම රේස් වෙනව කොහොමහරි මේ එන්ජින් එක නතර කරන්න අපේ වැඩ කරන අයියා කෙනෙක් පිහියක් ගෙනල්ලා වයර් එක කපන්න කිව්වා, කැපුවාට එන්ජින් නතර වෙන්නේ නැහැ, පස්සේ කවුරු හරි එක්කෙනෙක් කිව්වා ඔහොම නෙමෙයි අයියා මේකේ ඞීසල් බටේ කඩන්න ඕනේ කියලා. ඊට පස්සේ තමයි එන්ජින් එක නතර වුණේ. බස් එකේ ඉස්සරහා පැත්තෙන් කඩලා ඒ කෑලි අයින් කරලා තමයි තුවාලකාරයෝ ගත්තේ. අන්තිමට තමයි දැක්කේ ඩ්රයිවර් මහත්තයා යට වෙලා ඉන්නවා. බස් ටිකට් පොතක් දොරෙන් එළියට විසිවෙලා තිබුණා. සමහර විට කොන්දොස්තර මහත්තයත් මැරෙන්න ඇති අපි අඳුරන්නේ නැහැ. මැරිලා හිටපු අය දෙන්නෙක් ඉටි කොළ වලින් වැහුවා. ඒ වෙනකොට වාහන ගොඩක් ඇවිල්ලා තිබුණා. සමහරුන්ගේ අතේ වාහනවල යතුරු තිබුණත් වාහන ආපු නැති විදියට තමයි රඟපෑවේ. පාරෙගියපු සමහර අය වාහන නතර කරලා, ඒ වාහන වල ලෙඞ්ඩු අරන් ගියා. මෙහිදී අදහස් දැක්වූ වැලිඔය හංදිය අසල බයිසිකල් අලවිසලක සේවය නියුතු ඉෂාන් සඳරුවන්, මම ඇතාකඩ ඉඳන් වෙනදට එන්නේ ජනකපුර, කොළඹ බස් එකේ අද ආවේ ඊට කලින් බස් එකේ මම පහන තියන්න මල් කඩන්න එළියට යනකොටම බෝම්බ සද්දයක් වගේ ඇහුණා පැත්තම කළු දුමෙන් වැහිලා ගියා පොඩි ළමයි, තරුණ අය වයසක අය කෑගහන ශබ්දය ඇසුණා. බේරගන්න කියලා එකම විලාපයයි රඹෑව පමණක් නොවෙයි මුළු රටම කම්පා කළ පුවතක් මෙවැනි දෙයක් මම මීට කලින් දැකල නෑ. වැස්ස නිසා මොකුත් කරගන්න බෑ. කේබල් ගෙනල්ලා ඇදලා තමයි කට්ටිය එළියට ගත්තේ සෙල්ලම් බඩු පාඩම් පොත් තැන් තැන්වල. හේමන්ත රන්දුණු, පර්සි කුරුනේරු, රඹෑව – දිසානායක, රංග චතූ, මැදවච්චිය -ගයාන්, තිරප්පනේ – සමන් පෙරේරා

