
සියළු ආගමික දේශනාවලදී මත්ද්‍රව්‍ය භාවිතයේ විපාක ගැන කියන්න..- වටගල
FM Heart · 1 min read
වටගල මහතා සඳහන් කළේ, වර්තමානයේ රට හමුවේ පවතින ප්‍රමුඛතම සමාජ ව්‍යසනයක් වන මත් උවදුර මැඩපැවැත්වීම සඳහා නීතිමය ක්‍රියාමාර්ගවලට අමතරව ආගමික නායකයන්ගේ සෘජු ආධ්‍යාත්මික මැදිහත්වීම ද අත්‍යවශ්‍ය සාධකයක් බවයි. "තමන් වහන්සේලා සිදුකරන ධර්ම දේශනා ඇතුළේ මත්ද්‍රව්‍යවල ආදීනව පිළිබඳව ජනතාවට නිරන්තරයෙන් පහදා දෙන්න. විශේෂයෙන් හත් දවසේ බණකට සහභාගි වන අවස්ථාවකදී හෝ වෙනත් ඕනෑම ආගමික දේශනාවකදී අවම වශයෙන් විනාඩි පහක කාලයක්වත් මේ මත්ද්‍රව්‍යවලින් සිදුවන ජීවිත හා පවුල් විනාශය ගැන කියාදීම ගෞරවනීය මහා සංඝරත්නය ඇතුළු පූජකතුමන්ලාගේ කාලීන වගකීමක් බව අප සංවිධානය දැඩිව විශ්වාස කරනවා. අප ආගමික නායකයන්ගෙන් කරන්නේ ඒ කාරුණික ඉල්ලීමයි," යනුවෙන් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

