
කබානාවක් තුල පෙම්වතී ඝාතනය කර පෙම්වතා පැන යයි...
FM Heart · 1 min read
නුවරඑළිය මාගස්තොට ප්‍රදේශයේ සංචාරක කබානාවක් තුල තරුණියක් ඝාතනය කර ඇති බව නුවරඑළිය පොලිසිය පැවසිය. මෙසේ ඝාතනයට ලක් වී ඇත්තේ පියුමි දිල්ශානි නැමති 27 හැවිරිදි අම්පාර ප්‍රදේශයේ පදිංචි තරුණියකි. තරුණිය 27 හැවිරිදි නුවරඑළිය තෙරිපැහැ ප්‍රදේශයේ පදිංචි සිය පෙම්වතා සමග ඉකුත් 07 දින එම කබානාවට පැමිණ මුදල් ගෙවා කබානාව වෙන් කර ගෙන සිට ඇති අතර, (10) දින උදෑසන තරුණිය කබානාව තුල තුවාල සහිතව වැටී සිටිනු දුටු එම කබානාවේ අයිතිකරු විසින් නුවරඑළිය පොලිසිය වෙත කල දැනුම්දිමක් මත සිරුර සොයාගෙන ඇත. පෙම්වතා ප්‍ර දේශයෙන් පලා ගොස් ඇති බවත්, සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිස් විමර්‍ෂණ ආරම්භ කර ඇති බවත්, සිරුර සම්බන්ධයෙන් නුවරඑළිය මහේස්ත්‍රාත්වරයාගේ ස්ථාන පරික්ෂාවෙන් පසු පෂ්චාත් මරණ පරික්ෂණය සදහා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත සිරුර යොමු කරන බව නුවරඑළිය සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂන පවත්වන නුවරඑළිය පොලිසිය පැවසීය. රංජිත් රාජපක්ෂ

