FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

සිසුවෙකු පාසැලේදීම ගුරුවරයෙකුට අමානුෂික ලෙස පහර දේ..

FM Heart · 1 min read

The Heart Academy
පහරකෑමට ලක්වූ ගුරුවරයා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව, අදාළ සිසුවා අත්අඩංගුවට ගැනීම සඳහා පුළුල් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි ත්‍රිකුණාමලය මූලස්ථාන පොලිසිය පවසයි. ත්‍රිකුණාමලය නගරයේ පිහිටි ප්‍රසිද්ධ පාසලක වාර විභාගය පැවැත්වෙමින් තිබූ අතරතුර මෙම සිදුවීම සිදුව ඇත. විභාග ශාලාවේ රාජකාරියේ නිරතව සිටි ගුරුවරයා වෙත අදාළ ශිෂ්‍යයා තරමක් ප්‍රමාද වී පැමිණ ඇති අතර, ඒ අවස්ථාවේදී ගුරුවරයා විසින් සිසුවාට අවවාද කර තිබේ. ගුරුවරයාගේ එම ප්‍රකාශයෙන් දැඩි ලෙස කෝපයට පත් සිසුවා, කිසිදු පැකිලීමකින් තොරව විභාග ශාලාව තුළදීම ගුරුවරයා වෙත කඩාපැන ඔහුගේ කම්මුලට වේගවත් පහරවල් කිහිපයක් එල්ල කර ඇතැයි පොලිස් විමර්‍ශනවලදී අනාවරණය වී තිබේ. සිද්ධියෙන් අනතුරුව පහරකෑමට ලක්වූ ගුරුවරයා (09) ත්‍රිකුණාමලය මූලස්ථාන පොලිස් ස්ථානය වෙත ගොස් සිද්ධිය සම්බන්ධයෙන් නිල පැමිණිල්ලක් ගොනු කර ඇත ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිසිය, පහරදීම සිදුකර පළාගොස් සිටින සිසුවා අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා විමර්‍ශන තීව්‍ර කර තිබේ.
99mobile