
වෘත්තීය සමිතිවලට එරෙහිව දැඩි නීතිමය ක්‍රීයාමාර්‍ග ගන්නවා...- චන්දන සූරියආරච්චි
FM Heart · 1 min read
මන්ත්‍රීවරයා සඳහන් කළේ, සංවර්‍ධන නිලධාරීන් පිරිසක් විසින් ක්‍රියාත්මක කළ බව කියන වෘත්තීය ක්‍රියාමාර්‍ගය මුළුමනින්ම අසාර්‍ථක වී ඇති බවයි. ඇතැම් පාර්‍ශ්ව මෙය දැවැන්ත වැඩවර්‍ජනයක් ලෙස හුවා දැක්වීමට උත්සාහ කළ ද, රාජ්‍ය සේවයේ කිසිදු වැඩවර්‍ජන තත්ත්වයක් දක්නට නොලැබුණු බවත්, සිදු වූයේ සාමාන්‍ය පරිදි සිදුවන දෛනික නිවාඩු ලබාගැනීම්වලට සමාන අයුරින් නිලධාරීන් කිහිපදෙනකු අසනීප නිවාඩු වාර්‍තා කිරීමක් පමණක් බවත් හෙතෙම පෙන්වා දුන්නේය. අතීතයේදී සාධාරණ වෘත්තීය සටන් පාවා දෙමින්, සාමාජිකයන් බියවද්දමින් කටයුතු කළ පාර්‍ශ්ව කිහිපයක් මෙවර විරෝධතා පිටුපස සිටින බව චෝදනා කළ ඒ මහතා, මෙය නිලධාරීන්ගේ සුබසාධනය වෙනුවෙන් නොව ආණ්ඩුව අපහසුතාවට පත් කිරීමේ දුෂ්ට දේශපාලන අරමුණකින් සිදුකරන්නක් බව පැවසීය. එමෙන්ම රජයේ නිල පත්වීම් ලිපියක් පවා නොමැති තනතුරු නාම භාවිත කරමින්, ව්‍යාජ වෘත්තීය සමිති අටවාගෙන සාමාජික මුදල් එකතු කිරීම සහ ආයතන සංග්‍රහයේ විධිවිධාන උල්ලංඝනය කරමින් රාජ්‍ය වරප්‍රසාද අවභාවිත කරන පිරිස් හඳුනාගෙන ඇති බවත්, එම බරපතළ නීතිවිරෝධී තත්ත්වයන්ට එරෙහිව නීත්‍යානුකූල පියවර ගන්නා බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.

