FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

බීමතින් රිය පදවා අනතුරක්.. මනෝ ගනේෂන් අත්අඩංගුවට..

FM Heart · 1 min read

The Heart Academy
පොලිස් වාර්‍තාවලට අනුව, මෙම අනතුර සිදුව ඇත්තේ දීපාවලි උත්සව දිනය යෙදී තිබූ පසුගිය 08 වැනිදා රාත්‍රී කාලයේදී කොළඹ, ගාලු මුවදොර පිහිටි ජනාධිපති ලේකම් කාර්‍යාලය අසල පදික මාරුව මතදීය. මන්ත්‍රීවරයා විසින් පදවන ලද ‘ලෑන්ඩ් කෲසර්’ වර්‍ගයේ ජීප් රථය එහිදී තවත් ජීප් රථයක ගැටී අනතුරට ලක්ව ඇත. මෙම අනතුරින් රථවාහන දෙකටම අලාභ හානි සිදුව ඇති නමුත් කිසිදු පුද්ගලයෙකුට තුවාල සිදුව නොමැත. අනතුර සිදුවීමෙන් අනතුරුව අදාළ පාර්‍ශ්වයන් කොටුව පොලිස් ස්ථානය වෙත කැඳවා සිදුකරන ලද පරීක්ෂණවලදී, මනෝ ගනේෂන් මහතා බීමතින් රිය පදවා ඇති බවට අනාවරණය වී තිබේ. ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකාර මන්ත්‍රීවරයා ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු පොලිස් ඇප මත මුදාහැර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරියේදී කොළඹ රථවාහන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පැවරීමට පොලිසිය පියවර ගනිමින් සිටී.
99mobile