
බැංකුවල ගිණුම් විගණකවරුන් පිළිබඳව මහ බැංකුවෙන් කරුණු පැහැදිලි කිරීමක්
FM Heart · 1 min read
නැෂනල් ඩිවලොප්මන්ට් බෑන්ක් පීඑල්සී විසින් එහි අභ්‍යන්තර වංචාවක් පිළිබඳව අනාවරණය කිරීමෙන් අනතුරුව, එම බැංකුවේ මූල්‍ය ප්‍රකාශන විගණනයට සම්බන්ධ වූ අර්‍න්ස්ට් ඇන්ඩ් යංග්, ශ්‍රී ලංකා ආයතනයේ විගණනය භාර හවුල්කරු සහ තත්ත්ව සහතික කිරීමේ හවුල්කරු වෙත බලපත්‍රලාභී බැංකුවල කිසිදු විගණන කාර්‍යයක් පැවරීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එම ආයතනය වෙත දැනුම් දී ඇතැයි මහ බැංකුව පවසයි. ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී බැංකුවල ගිණුම් විගණනය කරන විගණකවරුන් පිළිබඳව කරුණු පැහැදිලි කරමින් මහ බැංකුව මේ බව කියයි. තවදුරටත් පැහැදිලි කරනු ලබන්නේ නම්, මෙම සීමා කිරීම හේතුවෙන්, 1988 අංක 30 දරන (සංශෝධිත) බැංකු පනතේ විධිවිධාන ප්‍රකාරව, ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී බැංකුවල ගිණුම් විගණනය කිරීම සඳහා සුදුසුකම් ලත් විගණන ආයතනයක් ලෙස, අර්‍න්ස්ට් ඇන්ඩ් යංග්, ශ්‍රී ලංකා ආයතනය වෙත ලබා දී ඇති පිළිගැනීම කෙරෙහි කිසිදු බලපෑමක් ඇති නොවන බව ද මහ බැංකුව කියා සිටී. ශ්‍යාම් නුවන් ගනේවත්ත

