
කොටස් වෙළෙඳපොළේ කැපී පෙනෙන වර්‍ධනයක්
FM Heart · 1 min read
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්‍ශකය අද (10) ඒකක 592.02ක කැපී පෙනෙන වර්‍ධනයක් අත්පත් කර ගැනීමට සමත්විය. ඒ අනුව යළිත් වරක් සියලු කොටස් මිල දර්‍ශක අගය ඒකක 22000 සීමාව පසු කරමින් අද දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒකක 22123.39ක් දක්වා ඉහළ ගොස් ඇත. 2026 ජූලි 06 දිනෙන් පසු සියලු කොටස් මිල දර්‍ශකය ඒකක 22000 සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙය වේ. මේ අතර එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20 දර්‍ශකය ද අද දිනය තුළ වාර්‍තාගත ඒකක 224.97ක වර්‍ධනයක් වාර්‍තා කර ඇත. දිනයේ ගනුදෙනු අවසානයේ දී එහි අගය ඒකක 6368.12ක් ලෙස වාර්‍තා වී තිබුණි. ශ්‍යාම් නුවන් ගනේවත්ත

