FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

සංචාරක වීසා අරන් ඇවිත් කැලේ මැද බිකිනි ඇඳන් මොඩ්ලින් කරලා

FM Heart · 1 min read

The Heart Academy
ලුනුගම්වෙහෙර, යාල සහ කුමන ජාතික වනෝද්‍යාන තුළ අවසරයකින් තොරව වාණිජ අරමුණු සඳහා බිකිනි ඇඳුමින් සැරසුණු විදේශීය නිරූපිකාවන් යොදාගෙන ඡායාරූපගත කිරීම් සිදුකරන බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් විමර්‍ශනයක් සිදුකරන ලෙස ඉල්ලීමක් ඉදිරිපත් වී තිබෙනවා. ජාතික සත්වෝද්‍යාන දෙපාර්‍තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ශර්‍මිලා රාජපක්ෂ සිය Facebook ගිණුමේ සටහනක් තබමිනුයි මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කර ඇත්තේ. විදේශීය නිරූපිකාවන් යොදාගෙන වනෝද්‍යාන තුළ විවෘත සෆාරි ජීප් රථ භාවිත කරමින් වාණිජමය උදෙසා ඡායාරූපගත කිරීම් සිදුකරන පැකේජ පෞද්ගලික සමාගමක් විසින් ප්‍රවර්‍ධනය කරන බවට තොරතුරු ලැබී ඇති බව ඇය එම සටහනෙන් පෙන්වා දී තිබෙනවා. මෙම ක්‍රියාකාරකම් හරහා ජාතික වනෝද්‍යානවලට අදාළ නීතිරීති, වාණිජ ඡායාරූපගත කිරීම් සඳහා අවශ්‍ය බලපත්‍ර කොන්දේසි, ආගමන විගමන නීති සහ සංචාරක කර්‍මාන්තයට අදාළ බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය වී ඇත්ද යන්න පිළිබඳවයි ඇය ප්‍රශ්න කර ඇත්තේ.
99mobile