FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

මහ වැසි එනවා.. අපට නවත්තන්න බෑ.. කොහෙට හරි ගිහින් ආරක්ෂා වෙන්න..- කාළගුණ ප්‍රධානී

FM Heart · 2 min read

The Heart Academy
දිවයින ආශ්‍රිත පහළ වායුගෝලයේ පවතින අස්ථාවර ස්වභාවය සහ ගිනිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ නිර්‍මාණය වෙමින් පවතින වායුගෝලීය කැළඹිලි තත්ත්වය හේතුවෙන්, ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්‍තමේන්තුව අනතුරු අඟවයි ස්වභාවිකව ඇතිවන මෙවැනි තද වැසි කිසිවෙකුටත් පාලනය කළ නොහැකි බැවින්, ගංවතුර සහ නායයෑම් අවදානම් සහිත ප්‍රදේශවල පදිංචි ජනතාව වහාම සුරක්ෂිත ස්ථාන වෙත යොමුවිය යුතු බව කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අවධාරණය කළේය දැනට පවතින වායුගෝලීය තත්ත්වයන් සහ එල්-නිනෝ දේශගුණික බලපෑම මත නොවැම්බර් මාසය පුරාම අඩු වැඩි වශයෙන් වැසි තත්ත්වයක් අපේක්ෂා කරන බව පෙන්වා දුන් අධ්‍යක්ෂ ජනරාල්වරයා, විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ උතුරු-මැද පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ ඉතා තද වැසි ඇතිවිය හැකි බව සඳහන් කළේය දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසුව ගිගුරුම් සහිත වැසි වර්‍ධනය වීමේ ඉහළ සම්භාවිතාවක් පවතී ගිනිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ මේ වන විට නිර්‍මාණය වෙමින් පවතින කැළඹිලි ස්වභාවය ඉදිරි දිනවලදී අඩු පීඩන කලාපයක් දක්වාත්, අනතුරුව පීඩන අවපාතයක් දක්වාත් වර්‍ධනය විය හැකි බවට නිරීක්ෂණය වී තිබේ මෙම පද්ධතියේ බලපෑමෙන් නොවැම්බර් 15, 16 සහ 17 යන දිනවලදී උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වයේ සැලකිය යුතු වැඩිවීමක් අපේක්ෂා කළ හැකි අතර, අදාළ මුහුදු කලාපවල යාත්‍රා කරන ධීවර හා නාවික ප්‍රජාවට දැඩි විමසිල්ලෙන් පසුවන ලෙස දන්වා ඇත මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව ඊසාන දෙසින් සුළං හමන අතර එහි වේගය පැයට කිලෝමීටර් 20-30ක් පමණ වුවද, පුත්තලම සිට කන්කසන්තුරය හරහා මුලතිව් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 40 දක්වා වැඩිවෙමින් මුහුද තරමක් රළු විය හැකි බවද දෙපාර්‍තමේන්තුව පවසයි ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු බහුලව සිදුවිය හැකි බැවින් ඉන් සිදුවන හානි අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින අධ්‍යක්ෂ ජනරාල්වරයා, වැසි ජලයෙන් යටවිය හැකි අවදානම් ස්ථානවල වාහන ගාල් කිරීමෙන් වළකින ලෙසත්, අනාරක්ෂිත ප්‍රදේශවල සිටින පුද්ගලයින් ආරක්ෂිත ස්ථාන කරා කඩිනමින් යොමුවන ලෙසත් වැඩිදුරටත් අවධාරණය කළේය
99mobile