FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

ගම්පහ ඔස්මන්ගේ පෙත්සමක් කැඳවයි

FM Heart · 1 min read

The Heart Academy
ගනේමුල්ල සංජීව නැමැත්තා ඝාතන සිද්ධියට ආධාර අනුබල දුන්නේ යැයි සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ඔස්මන්ඩ් ගුණසේකර හෙවත් ”ගම්පහ ඔස්මන්” සම්බන්ධයෙන් තවදුරටත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ කටයුතු කරන්නේ ද ? යන කරුණු පිළිබඳව විමර්‍ශන අවසානයේදී තීරණයක් ගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට දැනුම් දුන්නා. ගම්පහ ඔස්මන් නමැත්තා ත්‍රස්තවාදය වැලක්වීමේ පනත යටතේ රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ රිට් පෙත්සමක් අද කැඳවූ අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිස්නා වර්‍ණකුල මහත්මිය මෙම දැනුම් දීම සිදු කළා. මහේන් ගොපල්ලව සහ අන්නලිංගම් ප්‍රේම්ශංකර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවනු ලැබුවා. .
99mobile