FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

සරණ ගුණවර්‍ධනට එරෙහිව අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කළ පෙත්සමක් විභාගයට දින දෙයි

FM Heart · 1 min read

The Heart Academy
මේ වන විට සිර දඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍ය සරණ ගුණවර්‍ධන මහතාව දූෂණ චෝදනා ඇතුළත් නඩුවකින් නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය විසින් ගනු ලැබූ තීරණය අභියෝගයට ලක් කරමින් අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කළ අභියාචනය විභාගයට ගැනීමට අභියාචනාදීකරණය දින නියම කළා. මෙම පෙත්සම අද අභියාචනාදීකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා. ඒ අවස්ථාවේදී බන්ධනාගාරගතව සිටින සරණ ගුණවර්‍ධන මහතා සූම් තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කර තිබුණා. එහිදී දෙපාර්‍ශවයේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අධිකරණය මෙම පෙත්සම විභාගය සඳහා පෙබරවාරි මස 10 වනදා කැඳවන ලෙස නියම කළා. හිටපු අමාත්‍ය සරණ ගුණවර්‍ධන මහතාට එරෙහිව දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් ගොනුකර තිබූ නඩුවකින් කොළඹ මහාධිකරණය විසින් මීට පෙර ඔහු නිදහස් කිරීමට නියෝගයක් නිකුත් කර තිබුණා. එම නියෝගය අභියෝගයට ලක් කරමින් අල්ලස් කොමිසම විසින් මෙම ප්‍රතිශෝධන පෙත්සම අභියාචනාධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. .
99mobile