FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

බාල ගල් අඟුරු ආනයනය තුළින් සිදුවන පාඩුව විදුලි පාරිභෝගිකයින් මත පැටවීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම

FM Heart · 1 min read

The Heart Academy
මෑතකදී බාල ගල් අඟුරු ආනයනයෙන් සිදුවූ පාඩුව විදුලි පාරිභෝගිකයින් මත පැටවීමක් නොකරන බවට ප්‍රතිඥාවක් ලබා දෙන්නේ නම් ඊට එරෙහිව ගොනු කර තිබෙන පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට සූදානම් බව පෙත්සම්කාර පාර්‍ශවයේ නීතිඥවරයා අද අභියාචනාධිකරණයට දැනුම් දුන්නා. බාල ගල් අඟුරු ආනයනය තුළින් සිදුවන පාඩුව විදුලි පාරිභෝගිකයින් වෙත පැටවීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා විසින් ගොනු කර තිබෙන පෙත්සමක් අද අභියාචනාදීකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී ඒ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නුවන් බෝපගේ මහතා මෙම දැනුම් දීම සිදු කලා. .
99mobile