FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

නිල්දිය පොකුණ වහයි...

FM Heart · 1 min read

The Heart Academy
වනජීවි දෙපාර්‍තමේන්තුවේ වයඹ සහකාර අධ්‍යක්ෂවරයා ප්‍රම්‍රඛ වනජීවී නිලධාරින් පිරිසක් පොලිසිය සහ පොලිස් විශේෂ කාර්‍ය බළකා සාමාජිකයන් පිරිසක් සමග පැමිණ ගුහා සංකීර්‍ණයට පිවිසීම තහනම් කිරීමත් සමග මෙම උණුසුම් තත්ත්වය ඇතිවිය ‘‘නිල්දිය පොකුණ’’ වන සත්ව හා වෘක්ෂලතා පනත යටතේ ගැසට් කර කොන්දේසි මාලාවක් පැනවීමට 2026 සැප්තැම්බර් 15 වැනිදින ගැසට් පත්‍රයක් නිකුත් කරනු ලැබුවේ පරිසර අමාත්‍ය දම්මික පටබැඳි විසිනි. එහෙත් නිල්දිය පොකුණ සුරැකිමේ සංවිධනය පෙන්වා දෙන්නේ එම කොන්දේසි මාලාවට අනුව විශාල වශයෙන් මෙය නැරඹුම් ගාස්තුව ඉහළ දැමීම තුළ සංචාරකයන් පැමිණිම අඩුවී මෙම කර්‍මාන්තය පරිහානියට යන බවයි. එමෙන්ම තම සාමාජික්තවයට ගෙවීම සඳහා කතිකා කළ මුදල කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවත් පවතින අර්‍බුදය හමුවේ සංචාරක මග පෙන්වන්නන් ලෙස කටයුතු කළ 80 දෙනෙකු සහ ආපනශාල සහ ත්‍රිරෝද රථ රියදුරන් ලෙස රැකියා කරන පන්සීයකට අධික පිරිසක් දැඩි අසරණ වී ඇතැයිද එම සංවිධානය පෙන්වා දෙයි. මේ ප්‍රශ්නය නිරාකරණය කර ගැනීම සඳහා සංචාරක නියෝජ්‍ය ඇමැති රුවන් රණසිංහගේ මූලිකත්වයෙන් හා වනජීවි සහකාර අධ්‍යක්ෂවරයෙකු ප්‍රමුඛ නිලධාරීන් පිරිසකගේ සහභාගීත්වයෙන් පසුගියදා බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්‍යාල ශ්‍රවනාගාරයේදී පැවැති සාකච්ඡාවද අසාර්‍ථක වූ බව එම සංවිධානය පවසයි.
99mobile