FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

ඥානසාර හිමියන් චීවරය සහිතව අධිකරණවලට ඉදිරිපත් කරන ලෙස නියෝගයක් ඉල්ලා පෙත්සමක්

FM Heart · 1 min read

The Heart Academy
සිර දඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් චීවරය සහිතව අධිකරණවලට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර බලධාරීන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. එම පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ වෛද්‍යවරයෙකු වන බී. ඒ. රත්නපාල මහතා විසින්. මෙම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරනතුරු වග උත්තර ඥානසාර හිමියන් ගිහි හෝ බන්ධනාගාර ඇඳුමින් මාංචු දමා මාධ්‍යයට හෝ මහජනතාවට ප්‍රදර්‍ශනය කිරීමෙන් වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා. ඊට අමතරව බන්ධනාගාර රීතිවල 156 (2) රීතිය මගින් අවසර දී ඇති ප්‍රමාණයට වඩා උන් වහන්සේගේ රූපය ඡායාරූප ගත කිරීම, රූගත කිරීම හෝ සංසරණය කිරීම, සැපයීම, මුදා හැරීම හෝ අවසර දීම වළක්වාලමින් අතුරු නියෝගයක් ලබා දෙන ලෙසත් පෙත්සම තුළින් ඉල්ලා සිටිනවා. .
99mobile