FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

නාවික යාත්‍රාවකින් ටී 56 ක් ගිනි අවියක් සොරකම් කිරීමේ සිද්ධියට තවත් දෙදෙනෙක් අත්අඩංගුවට

FM Heart · 1 min read

The Heart Academy
කල්පිටිය ශ්‍රී ලංකා නාවික නෞකා විජය කඳවුරට අයත් යාත්‍රාවක තිබි සොරා ගත් එස් එම් ජි – ටි 56 ගිනි අවිය කඩුවෙල රනාල ප්‍රදේශයේ පුද්ගලික ආයතනයක් පිටුපස පාළු ඉඩමක සොහොන් කොතක් අසල සඟවා තිබියදී සොයාගෙන තිබෙනවා. ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්‍තමේන්තුවේ නිලධාරින් කණ්ඩායමක් විසින්. එම සොරකම සම්බන්ධයෙන් තවත් පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එක් සැකකරුවෙකු සැලුන් ව්‍යාපාරයක් පවත්වාගෙන යන බවත් අනෙක් සැකකරු කුරුඳු කර්‍මාන්තයේ යෙදී සිටින පුද්ගලයෙකු බවයි පොලීසිය පැවසුවේ. අදාළ සොරකම සම්බන්ධයෙන් එම කඳවුරට අනුයුක්ත බල නැව් ඉංජිනේරු කාර්‍මිකයෙකු මීට පෙර පුත්තලම කොට්ඨාස අපරාධ විමර්‍ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්‍තමේන්තුව භාරයට පත් කර තිබුණා. එම සැකකරු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිදු කළ වැඩිදුර විමර්‍ශන වලදී අනෙක් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ මීටියාගොඩ, දිද්දැලියවත්ත ප්‍රදේශයේදීයි. .
99mobile