
කොළඹ බන්ධනාගාර කිහිපයක සරම්ප රෝග ව්‍යාප්තියක්
FM Heart · 1 min read
වැලිකඩ, කොළඹ රිමාන්ඩ් සහ මැගසින් බන්ධනාගාරවල රැඳවියන් අධිකරණ වෙත රැගෙනයාම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. ඒ, එම බන්ධනාගාරවල සරම්ප රෝගය ව්‍යාප්ත වීම සැලකිල්ලට ගනිමින්. මේ වනවිටත් රැදවියන් සිව් දෙනෙකුට පමණ සරම්ප රෝගය වැළදි ඇති බවයි බන්ධනාගාර දෙපාර්‍තමේන්තුව පැවසුවේ. රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා එන්නත්කරණ වැඩසටහනක් ද ක්‍රියාත්මක කර ඇති බව එම දෙපාර්‍තමේන්තුව වැඩිදුරටත් පැවසුවා. .

