FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

රුවන්වැලිසෑය ඉදිරිපිට සත්‍යාග්‍රහයට එක්ව සිටියදී අත්අඩංගුවට ගත් හක් ගෙඩිය පිම්බ පුද්ගලයා මත්ද්‍රව්‍ය භාවිත කර ඇතැයි හෙළි වෙයි

FM Heart · 1 min read

The Heart Academy
රුවන්වැලිසෑය ඉදිරිපිට ආරම්භ කර තිබෙන සත්‍යග්‍රහයේදී පසුගියදා අත්අඩංගුවට ගත් පුද්ගලයාගේ රුධිරයේ හෙරොයින් මත්ද්‍රව්‍ය සහ ගංජා අඩංගු බවට වෛද්‍ය පරීක්ෂණයකින් තහවුරු වී ඇති බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය පැවසුවේ අනුරාධපුර අධිකරණ වෛද්‍ය නිළධාරීවරයා සිදුකල වෛද්‍ය පරික්ෂාවේදී මෙය තහවුරු වූ බවයි. පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුලු භික්ෂූන් වහන්සේ පිරිසක් පසුගිය 07 වනදා ආරම්භ කළ මෙම සත්‍යග්‍රහයේදී එහි සිටි සක් පිඹින පුද්ගලයා අනුරාධපුර පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. පසුව ඔහු අධිකරණ වෛද්‍ය නිළධාරියා හමුවට ඉදිරිපත්කර මෙම මත්ද්‍රව්‍ය පරීක්‍ෂාව සිදුකර තිබෙනවා. අදාළ වෛද්‍ය වාර්‍තාව අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය කොට්ටාසය පැවසුවේ. .
99mobile