FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

බලධාරීන්ගෙන් විසඳුම් නෑ – සංවර්‍ධන නිලධාරීන් අද වැඩ වර්‍ජනයක

FM Heart · 1 min read

The Heart Academy
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දිවයින පුරා සිටින සංවර්‍ධන නිලධාරීන් අද දිනයේ ලෙඩ නිවාඩු වාර්‍තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්‍ගයක නිරතවීමට තීරණය කර තිබෙනවා. ඒකාබද්ධ සංවර්‍ධන නිලධාරී සංගමයේ ප්‍රධාන ලේකම් ධම්මික මුණසිංහ මහතා සඳහන් කළේ බලධාරීන්ට අවස්ථා කිහිපයකදී සිය ගැටළු සම්බන්ධයෙන් දැනුම් දුන්නද මෙතෙක් ඒ සඳහා අවධානය යොමුව නොමැති බැවින් මෙලෙස වෘත්තිය ක්‍රියාමාර්‍ගය නිරත වන බවයි. “මේ වෙනකොට අපි වෘත්තීය සමිති 12ක් එකතුවෙලා තමයි වර්‍ජනය සිද්ධ කරන්නේ . එතකොට ආණ්ඩුවට අපි කියන්නේ මොකක්ද? මූලික ඉල්ලීම තමයි සේවාවට වැටුප් තලයක්, පදධාරී වැටුප් තලයක් . ඒ වගේම ශ්‍රේණි අතර උසස්වීම් අවුරුදු පහකට ගන්න . අභ්‍යාසලාභී පුහුණු කාලය අවුරුද්දක් තියෙනවා, ඒක නිත්‍ය සේවාවට එකතු කරන්න . ඒ වගේම ශ්‍රේණි අතර උසස්වීම් අවුරුදු පහකට ගන්න . ඒ වගේම තමයි සේවාවට අධි ශ්‍රේණියක් . මෙන්න මේ මූලික ඉල්ලීම් ඇතුළත් කෙටුම්පතක් තමයි අපි මේ හදලා තියෙන්නේ . මේ වෘත්තීය සමිති එකතුවෙලා ව්‍යවස්ථා කෙටුම්පත් දෙකක් හැදුවා . ඒක ජනාධිපතිට, අගමැතිට, විපක්ෂ නායකට, මෙරටේ ප්‍රධාන අමාත්‍යාංශවල ලේකම්වරුන්ට, දිස්ත්‍රික් ලේකම්වරු 25ට, පළාත් ප්‍රධාන ලේකම්වරු නවයට, ආණ්ඩුකාරවරු නවයට මේ ඔක්කොම දුන්නා .” .
99mobile