FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

දකුණු ආසියානු පාපන්දු ශුරතා තරගාවලියේ ශ්‍රී ලංකා – භූතාන තරගය ජය පරාජයෙන් තොරව අවසන්

FM Heart · 1 min read

The Heart Academy
දකුණු ආසියානු පාපන්දු ශූරතා තරගාවලියේ ශ්‍රී ලංකාව සහ භූතානය අතර ඊයේ පැවති තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුණා. තරගයේ අවසන් ලකුණු සටහන කියවුණේ ගෝල 2ට 2ක් ලෙසයි. රටවල් හයක සහභාගිත්වයෙන් බංග්ලාදේශයේදී මෙම තරගාවලිය පැවැත්වෙනවා. එහි ශ්‍රී ලංකාව සහභාගි වූ පළමුව තරඟයයි භූතානය සමග ඊයේ පැවැත්වුණේ. තරගයේ පළමු ගෝලය ලබා ගත්තේ භූතානයයි. කෙසේ වෙතත් 35වන විනාඩියේදී ඔලිවර් කේලාට් විසින් ශ්‍රී ලංකාව වෙනුවෙන් ගෝලයක් ලබාගත් අතර ඒ අනුව 1ට 1ක් ලෙස තරගයේ ලකුණු සම වුණා. නැවත 43වන විනාඩියේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් වසීම් රාසික් තවත් ගෝලයක් ලබාගත් අතර ඒ අනුව ශ්‍රී ලංකාව තරගයේ පෙරමුණ ගත්තා. පලමු අර්‍ධය අවසන් වනවිට ලකුණු සටහන කියවුනේ ගෝල 2ට 1ක් ලෙසයි. එහෙත් දෙවන අර්‍ධයේදී භූතානය තවත් ගෝලයක් ලබා ගනිමින් නැවත ලකුණු සම කලා. ඒ අනුවයි තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුණේ. ඊයේ පැවති අනෙක් තරඟයේදී ගෝල 3ට 0ක් ලෙස මාලදිවයින පරාජය කිරීමට පකිස්ථානය සමත් වුණා. .
99mobile