FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

නොරිස් ඇළ පවිත්‍ර නොකළ නිසා ජාතික රෝහල වැස්සට යට වුණා

FM Heart · 1 min read

The Heart Academy
සේවකයන්ගෙන් චෝදනා නොරිස් ඇළ ශුද්ධ කිරීමත් අරඹයි කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශය ඇතුළු අංශ කීපයක් වැස්සත් සමග ජලයෙන් යට වුණේ, කොළඹ මහ නගර සභාව විසින් නොරිස් ඇළ නිසි පරිදි පිරිසිදු නොකිරීම සහ නිසි අයුරින් නඩත්තු නොකිරීම හේතුවෙන් බව එම රෝහලේ සේවකයෝ චෝදනා කළහ. අධික වැසි ඇදහැලූණු පසුගිය සිකුරාදා (6දා) රෝගීන් ට්‍රොලි මත රැුගෙන යද්දී පවා රෝහල ජලයෙන් යටවී තිබූ බවත් එම අවදානම දරා ගනිමින් රෝගීන් ට්‍රොලිවල විවිධ ප්‍රතිකාර සඳහා රැුගෙන ගිය බවත් එම සේවකයෝ කියා සිටියහ. එසේම වැසි ජලයෙන් යටවී තිබූ වාට්ටුවල සිටි රෝගීහු වෙනත් වාට්ටු වෙත යොමු කිරීම සඳහා රෝහල් කාර්‍යමණ්ඩලයට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවූ බවද ඔවුහු කියති. වැස්සත් සමග කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශය, බාහිර රෝගී අංශය, විකිරණ අංශ, ශල්‍යාගාර ඇතුළු වාට්ටු රැුසක් ජලයෙන් යටවිය. ජාතික රෝහල ආසන්නයේ ඇති නොරිස් ඇළ දෙපස අනවසර ඉදිකිරීම් සහ වෙළෙඳසල්වලින් අවිධිමත් ලෙස ඇළට කසළ බැහැර කිරීම වැනි කටයුතු නිසා මෙම තත්ත්වය මතුවී ඇති බව වාර්‍තාවේ. ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා
99mobile