FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

නලින් බණ්ඩාර ගෙනා ඩ්‍රෝන 39 ක් අදාළ අනුමැතිය ලැබෙන තෙක් රේගු භාරයට

FM Heart · 1 min read

The Heart Academy
සිංගප්පූරුවේ සිට මෙරටට පැමිණි සමගි ජන බලවේගයේ මන්ත්‍රී නලින් බණ්ඩාර රැුගෙන ආ ඩ්‍රෝනා 39 ක් අදාළ අනුමැතිය ලබා දෙන තෙක් රේගුව භාරයට ගෙන ඇතැයි ඊයේ වාර්‍තා විය. මෙම ඩ්‍රෝනා භාර ගැනීමට අවශ්‍ය සියලූ අනුමැතීන් ලබාගෙන තිබුණත් ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කර ඇති අනුමැතිය කල් ඉකුත් වී ඇති බව විමර්‍ශනවලදී හෙළිවී තිබේ. ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය ලබාගන්නා තුරු එම ඩ්‍රෝනා යානා රේගුව භාරයේ තබා ගැනීමට කටයුතු කර තිබේ. මේ සම්බන්ධයෙන් ‘දිවයින’ කළ විමසීමකදී නලින් බණ්ඩාර මහතා සඳහන් කළේ තම පුත්‍රයා ව්‍යාපාරික කටයුතු සඳහා මෙම ඩ්‍රෝනා යානා ගෙනා බවත් අවශ්‍ය අනුමැතීන් ලබාගෙන ඒවා මුදා ගැනීමට ක්‍රියා කරන බවයි. හේමන්ත රන්දුණු සහ ටී.කේ.ජී. කපිල
99mobile