FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

දැවැන්ත මූල්‍ය වංචා, දූෂත කොමිස් ගැසීමේ ක්‍රමය බිඳහෙළුවා.. දැන් තියෙන්නේ සුපිරිසුදු රාජ්‍ය පාලනයක්

FM Heart · 1 min read

The Heart Academy
ප්‍රදේශයේ සංවර්‍ධන ව්‍යාපෘතියක් ආරම්භ කිරීමේ අවස්ථාවකට එක්වෙමින් ඇය පෙන්වා දුන්නේ, වර්‍තමානයේ ක්‍රියාත්මක වන මෙම පිරිසිදු රාජ්‍ය පාලන ක්‍රමවේදය අද වන විට මහජනතාවට සාමාන්‍ය දෙයක් සේ දැනුණද, එය දශක ගණනාවක් තිස්සේ මුල්බැසගෙන තිබූ දැවැන්ත මූල්‍ය වංචා සහ දූෂිත කොමිස් ගැසීමේ ක්‍රමය බිඳහෙළූ ඓතිහාසික පියවරක් බවයි. පසුගිය වසරවලට සාපේක්ෂව මෙවර අයවැය මඟින් සංවර්‍ධන කටයුතු වෙනුවෙන් විශාල මුදලක් වෙන් කර ඇති බව සඳහන් කළ නියෝජ්‍ය අමාත්‍යවරිය, රාජ්‍ය භාණ්ඩාගාරයට එක්‍රැස් වන බදු මුදල් උපරිම මූල්‍ය විනයකින් හා විනිවිදභාවයකින් යුතුව සෘජුවම බිම් මට්ටමේ ජනතා අවශ්‍යතා වෙනුවෙන් ආයෝජනය කිරීමට රජය කැපවී සිටින බව අවධාරණය කළාය. නාගරික යටිතල පහසුකම් සංවර්‍ධනය, පොදු ප්‍රවාහනය කාර්‍යක්ෂම කිරීම, ප්‍රාථමික සෞඛ්‍ය සේවා පුළුල් කිරීම මෙන්ම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය දැනටමත් වේගවත් කර ඇති බවත්, ඊට සමගාමීව රටේ අනාගත පරපුර විනාශ කරන මත්ද්‍රව්‍ය ජාවාරම සහ පාතාල ක්‍රියාකාරකම් මුලිනුපුටා දැමීමේ දැවැන්ත මෙහෙයුමක් රජය මඟින් ක්‍රියාත්මක කරමින් පවතින බවත් ඇය එහිදී වැඩිදුරටත් කියා සිටියාය.
99mobile