FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

සාජාහිදී අල්ලා මෙරටට පිටුවහල් කල කඩුවෙල ” කයිවාරු මුතූ” අත්අඩංගුවට

FM Heart · 1 min read

The Heart Academy
සාජාහිදී අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කල සංවිධානාත්මක අපරාධකරුවෙකුවන මනෝජ් මුතුකුමාර හෙවත් ‘කයිවාරු මුතූ’ නැමැත්තා කටුනායක ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්‍තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. වැඩිදුර විමර්‍ශන කටයුතු සඳහා සැකකරු බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසය වෙත භාරදීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය කොට්ටාසය පැවසුවේ. සැකකරු සාජා හි සැඟව සිටියදී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගැනුනා. එහිදී ඔහුගේ ජංගම දුරකතනයේ තිබී ඉරානයේ ඉලක්ක වෙත සිදුකරන ඩ්‍රෝන ප්‍රහාරවල දර්‍ශන කිහිපයක්ද සොයාගෙන ඇති බවයි වාර්‍තා වුනේ. විමර්‍ශණවලින් අනතුරුව සැකකරු ඊයේ ශ්‍රී ලංකාවට පිටුවහල් කෙරුණා. 30 හැවිරිදි මනෝජ් මුතුකුමාර හෙවත් කයිවාරු මුතූ නැමති මෙම සැකකරු කඩුවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මනුශ්‍ය ඝාතනයට තැත් කිරීම හා ආධාර අනුබල දීම සම්බධයෙන් ඔහුට චෝදනා එල්ලවනවා. කප්පම් ලබා ගැනීම සම්බධයෙන් ද ඔහුට චෝදනා ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ටාසය පැවසුවේ .
99mobile