
පෙට්‍රල් ලීටරයට 145ක ඩීසල් ලීටරයට 128ක බද්දක් දැනට තියෙනවා..- සිපෙට්කෝ සභාපති
FM Heart · 1 min read
පාර්‍ලිමේන්තුවේ රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාව (COPF) හමුවේ පෙනී සිටිමින් සභාපතිවරයා මෙම කරුණු අනාවරණය කළේ, ඉන්ධන මිල සූත්‍රය සහ පිරිවැය සැකැස්ම පිළිබඳව කාරක සභාව විසින් සිදු කරන ලද විමසීමකට ප්‍රතිචාර දක්වමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා සඳහන් කළේ, පෙට්‍රල් ලීටරයක් සඳහා වන බද්ද ඒකාබද්ධ වූ විට ලීටරයකින් රුපියල් 145ක මුදලක් බදු වශයෙන් අය කෙරෙන බවයි. එමෙන්ම ඩීසල් ලීටරයක් සඳහා අදාළ බද්ද එක්ව ගත් කල රුපියල් 128ක මුදලක් බදු ලෙස අය වන බවද ඔහු පැහැදිලි කළේය. මීට අමතරව, අදාළ ගණනය කිරීම් තුළ ණය පියවීම් වෙනුවෙන් වෙන් කර ඇති රුපියල් 50ක මුදලක්ද අන්තර්‍ගත වන බව සභාපතිවරයා කාරක සභාව හමුවේ තහවුරු කළේය.

