
ට්‍රෝලර් යාත්‍රාවකින් ඇල්ලූ කෝටි 420ක මත්කුඩු තොගය දෙහිබාලේගේ
FM Heart · 3 min read
යාත්‍රාවේ හිමිකරුත් සමග 5ක් දැලේ පාර්සල් 100ක අසුරන ලද හෙරොයින් සහ අයිස් කිලෝ 190 ක් විදේශ නැවකින් ගෙනවිත් ට්‍රෝලර් යාත්‍රාවට පටවා දෙවුන්දරින් ගොඩබෑමට සැලසුම් කරලා ශ්‍රී ලංකාවට කිලෝමීටර් 750ක් පමණ දුරින් වූ දකුණු මුහුදේදී ට්‍රෝලර් යාත්‍රාවක් සමග අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 420කට අධික වටිනාකමෙන් යුත් මත්ද්‍රව්‍ය තොගය මෙරට ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන දෙහිබාලේගේ බවට විමර්ශන නිලධාරීහු සැක පළ කරති. මෙම මත්ද්‍රව්‍ය තොගය සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් 05 දෙනා අතර ‘පහන් පුතා’ නමැති එම ට්‍රෝලර් යාත්‍රාවේ හිමිකරු ද සිටින බව පොලිසිය පවසයි. මෙම සැකකරුවන් සියලුදෙනා දෙවුන්දර සහ ඒ අවට ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති. මෙම ට්‍රෝලර් යාත්‍රාවේ පාර්සල් 100ක අසුරන ලද හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 57යි ග්‍රෑම් 200ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 132යි ග්‍රෑම් 600ක් සොයා ගත් බව විමර්ශන නිලධාරීහු පවසති. ශ්‍රී ලංකාවට දකුණින් වූ ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය දික්ඕවිට වරාය වෙත ඊයේ (05දා) උදෑසන රැගෙන එනු ලැබීය. නාවික හමුදාවට ලැබුණු තොරතුරකට අනුව මෙම ට්‍රෝලර් යාත්‍රාව සමග මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගෙන තිබුණේ මීට දින දෙකකට පමණ උඩදීය. මත්ද්‍රව්‍ය තොගය මෙරටට රැගෙන ඒමෙන් පසු එහි විමර්ශන කටයුතු පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය විසින් ආරම්භ කළ අතර බෝට්ටුවේ හිමිකරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි. විදේශ නෞකාවකින් රැගෙන ආ මත්ද්‍රව්‍ය තොගය මුහුද මැදදී මෙම ට්‍රෝලර් යාත්‍රාවට පටවා ඇති අතර එම මත්ද්‍රව්‍ය තොගය දෙවුන්දර ප්‍රදේශයෙන් ගොඩබෑමට සූදානම් කර තිබී ඇත. මෙම මත්ද්‍රව්‍ය තොගය නිරීක්ෂණය සඳහා නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික), නාවික හමුදාපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු, අධ්යක්ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් චමින්ද කරුණාසේන සහ බටහිර නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති කොමදෝරු අරුණ විජේවර්ධන ඇතුළු නාවික හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් සහභාගි වූහ. එහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා, ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට සමගාමීව ‘රටම එකට’ ජාතික මෙහෙයුම වෙනුවෙන් මත්ද්‍රව්‍ය සැපයීම අඩාළ කිරීම සඳහා සමුද්‍රීය කලාපය ආවරණය වන පරිදි තීව්ර මෙහෙයුම් නාවික හමුදාව නිරන්තරයෙන් ක්‍රියාත්මක කරනු ලබන බවත් නාවික හමුදාව ගැඹුරු මුහුදේ සිදුකළ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකිසිය අසූනවයකට (189) අධික තොගයක් නීතියේ රැහැනට හසුකර ගැනීමට සමත් වූ බවත් පැවසීය. ‘රටම එකට’ ජාතික මෙහෙයුම යටතේ නාවික හමුදාව, වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව, අනෙකුත් සන්නද්ධ හමුදා, පොලිසිය, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය සමග එක්ව දේශීය හා විදේශීය බුද්ධි අංශ සමග තොරතුරු හුවමාරු කරගනිමින් දිවයිනේ ගොඩබිම සහ මුහුදු කලාප ආවරණය වන පරිදි මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුම් තීව්ර කර ඇති බැවින් රට තුළට මත්ද්‍රව්‍ය ගෙන ඒමට කිසිදු ඉඩක් නොතබන බව නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා අවධාරණය කළේය. මෙම මෙහෙයුමත් සමග 2025 වර්ෂයේ ඔක්තෝබර් මාසයේ සිට, ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ වී වසරක කාලයකදී ශ්‍රී ලංකා නාවික හමුදාව සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව සිදුකළ මෙහෙයුම් මගින් රුපියල් බිලියන එකසිය දහහතරකට (114) අධික දළ විථි වටිනාකමකින් යුත් විෂ මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමට සමත් වී ඇති අතර 2026 වසරේ මේ දක්වා සිදුකළ මෙහෙයුම් මගින් පමණක් රුපියල් බිලියන හැත්තෑ තුනකට (73) අධික දළ විථි වටිනාකමකින් යුත් විෂ මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමට සමත් වී ඇත. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු, නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් විමර්ශන පැවැත්වෙයි. හේමන්ත රන්දුණු, චමින්ද සිල්වා

