FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

මාලිමා ලොක්කෙක් මගේ ගෙදර තිබූ ඇදන්, මෙට්ට විකුණලා.. විශාල මුදලක් වංචා කරලා...- උවිදු ජනපතිට කියයි..

FM Heart · 4 min read

The Heart Academy
ජාතික ජන බලවේගයේ ජාතික විධායක කමිටු සාමාජිකයෙකු විසින් තමන් වෙත තර්‍ජනාත්මක හඬ පණිවිඩ එවා ඇති බවත්, ඔහු සිය දේපළ හා මුදල් සම්බන්ධයෙන් දැවැන්ත මූල්‍ය වංචාවක් සිදුකර ඇති බවත් පවසමින් මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අවධානය පිණිස සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් චෝදනා රැසක් එල්ල කර තිබේ තමන් විසින් මෙරට පිහිටි දේපළ පාලනය කිරීම සඳහා අදාළ විධායක සභිකයා වෙත ඇටෝර්‍නි බලපත්‍රයක් ලබාදී තිබූ බව සඳහන් කරන කුරුකුලසූරිය මහතා, එම පුද්ගලයා විසින් සිය නිවසේ තිබූ පෞරාණික වටිනාකමකින් යුත් නැදුන් ලීයෙන් කළ ඇඳන් සහ මෙට්ට ඇතුළු බඩුබාහිරාදිය පවා විකුණා දමා ඇති බව අනාවරණය වූ බව පවසයි පසුගිය කාලසීමාව පුරා එම විධායක සභිකයාගේ පෞද්ගලික, පවුලේ හා වෛද්‍ය අවශ්‍යතා වෙනුවෙන් මෙන්ම දේශපාලන කටයුතු සඳහා ද තමන් රුපියල් ලක්ෂ ගණනින් මූල්‍ය ආධාර ලබාදුන් බවද ඔහු අනාවරණය කරයි ඒ අනුව, මෑතක් වන තුරුම ඔහුගේ නිවාස කුලිය ගෙවීම, යතුරුපැදියක් මිලදී දීම, හෘදයාබාධයකට ලක්වූ අවස්ථාවේ සහ කොවිඩ් සමයේ පවුලට ආධාර කිරීම, මව මියගිය අවස්ථාවේ මුදල් ලබාදීම මෙන්ම ඔහුගේ දියණියගේ පෞද්ගලික විශ්වවිද්‍යාල අධ්‍යාපනය වෙනුවෙන් විශාල ණය මුදලක් ලබාදීම ද ඒ අතර වන බව කුරුකුලසූරිය මහතා සඳහන් කරයි **** අනුර වෙතටයි, ඊයෙ මට ජාතික ජන බලවේගයේ විධායක කමිටු සභිකයෙක් සහ අපේ ලංකාවෙ දේපලවල ඇටෝනි පවර් ලියල දීපු එකා තර්‍ජනය කරල වොයිස් මෙසෙජස් දෙකක් තියල තිබ්බ​ මම ඌටත් වොයිස් මෙසේජ් එකක් තිබ්බ​! ඉස්සෙල්ලම මගේ ගෙදර තිබ්බ අළුත්ම නැදුන් ලීයෙන් හදපු ඇඳන් හතරෙන් ඌ විකුණල තියෙන ඇඳන් දෙකයි අළුත්ම මෙට්ට දෙකයි ගෙදරට ගෙනත් දාපන් සල්ලි වංචාකරල තියෙන ඒව පස්සෙ බලාගමු කියල​ මේක මම අනුරටවත් කාටවත් තාම කිව්වෙ නැහැ ඒ මිනිහට නලින්ද ජයතිස්ස අතේ නොතිබ්බ පළාත් පාලන මැතිවරණයටත් සල්ලි ඇරිය තිබ්බ පාර්‍ලිමේන්තු මැතිවරණයටත් ලක්‍ෂ 7ක් හොයල ඇරිය​ අපේ ගෙදරක කුලියක් මේ ළඟක් වෙනක් දුන්න​ මෝටර් බයික් එකක් අරන් දුන්න​ හාට් ඇටෑක් කිව්වම සල්ලි දුන්න​ උගෙ පුතාටයි දුවටයි සල්ලි දුන්න කොවිඩ් කාලෙ උගෙ අම්ම මැරුණම සල්ලි දුන්න​ දුවට පුද්ගලික විශ්ව විද්‍යාලයකට යන්න කියල අන්තිමට මචං ඉල්ලන්නෙ, අපහු දෙන්නම් කියල ණයක් විදියට සල්ලි ඉල්ලුව​, ඒකත් මම දුන්න​ ඒව ඔක්කොම ලක්‍ෂ ගනන් ඌ තමා ජාතික ජන බල වේගයේ විධායක කමිටුවේ වෙන හැම දේම මට මුල ඉඳන් කිව්වෙ ලියපං ලියපං කියල​ මම ඒ කිසි දෙයක් ලිව්වෙ නැහැ දැන් ඌ ආණ්ඩුවේ පුදුම සතෙක් වෙලා මට බැන බැන යනවලු තැන තැන​ ඒ අර මටවත් මගේ පවුලෙ අයටවත් මූන දෙන්න බැරිව ඉන්න නිසා මගේ පවුලෙ කෙනෙක් මාස කීපයකට ඉස්සෙල ලංකාවට ගියාම දැන් අපේ ගෙදරක ඉන්න කෙනෙක් බැංකු ගිණුම් පෙන්නපුවම එයත් උඩ ගිහින් බිම වැටුන​ මූ මාර සල්ලි වංචාවක් මට කරල තියෙන්නෙ ඒ ගෙදරට එවෙලම දයාසිරි ජයසේකරත් ගියා ඇයව සනසන්න​ ඌව අපේ ගෙදරට ගෙනත් ඇය කතා කරත්දි මූ වමනෙ දාගෙන හාට් ඇටෑක් සීන් එකක් දාල​ ඔක්කොමල බය වෙලා, මූව ඉස්පිරිතාලෙට ඇරල​ නමුත් ඊට දවස් දෙකකට පස්සෙ මූ නුවර ගිහින් මියගිය ලාල් විජේනායක හදපු වමේ කේන්ද්‍රයේ රැස්වීමට හොඳට බීල​, ෆෝන් එක හැමෝටම දි දී උවිඳු ඉන්නව කියල පරණ නුවර අන්කල්ල​, සහෝදරවරුන්ට කතා කරන්න​ දුන්න​! මම ස්ක්‍රීන් ශොට්ස් ගත්ත​ නමුත් මම පසුව අර ලංකාවට ගියපු මගේ පවුලෙ කෙනාට කිව්ව​, මූ වමනෙ දාගෙන හාට් සීන් දැම්ම නම්, මූ කොහොමද දැන් දවස් දෙකකට පස්සෙ නුවර ගිහින් බීල ආතල් ගන්නෙ කියල​ මෙයා ඊට ඉස්සරත් ගොඩක් රාජ්‍ය මුදල් වංචා කරපු කෙනෙක් කියල මට මියගිය ලාල් සහ තවත් කීපදෙනෙකුම කියල තිබ්බ​ මටත් හොරකම් කරපු එකෙක් ජාතික ජන බලවේගයේ විධායක සභාවෙ ඉන්නව නම් අනිත් උන් ගැන කුමන කතාද​! මේ කියන එකා මට තියල තියෙන වොයිස් මෙසේජස් උඹට එවන්නම් මිය ගිය ලාල් විජේනායක​ කිසි දිනක ජාතික ජන බලවේගයේ විධායක කමිටුවේ වෙන ඒව කිව්වෙ නැත​ මූ කිසි ලැජ්ජ බයක් නැතුව කියනව ඒ වොයිස් මෙසේජස් ෆේස්බුක් දාපං කියල​ මම ජනාධිපතිටම එවන්නම් කො ඒව අහගන්න​! ඌ තාම හිතාගෙන ඉන්නෙ ඌට ඇටෝනිපවර් තියෙනව කියල​ පව් බං ඌ!!! Uvindu Kurukulasuriya
99mobile