FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

යුක්‍රේනයේ පාසලකට රුසියාව එල්ල කළ ප්‍රහාරයකින් 33ක් ජීවිතක්ෂයට

FM Heart · 2 min read

The Heart Academy
ගිනිකොනදිග යුක්‍රේනයේ පාසල් ගොඩනැගිල්ලකට රුසියාව එල්ල කළ දැවැන්ත ගුවන් ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 33 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්‍තා පවසනවා. යුක්‍රේන ජනාධිපති වොලොඩිමීර් සෙලෙන්ස්කි ප්‍රකාශ කළේ, එම ප්‍රහාරය මෙම යුද්ධයේදී එල්ල වූ දරුණුතම සහ විනාශකාරී ප්‍රහාරවලින් එකක් බවයි. ප්‍රහාරයට ලක්ව ඇත්තේ සපොරීෂියා කලාපයේ පිහිටි පාසල් ගොඩනැගිල්ලක්. සිද්ධිය වන අවස්ථාවේදී ප්‍රදේශවාසීන් රැසක් එම ගොඩනැගිල්ල තුළ රැකවරණය ලබා සිට ඇති බව සඳහන්. එම කලාපයේ ආණ්ඩුකාර මයිකල් සෙමිකින් ප්‍රකාශ කළේ, අදාළ ස්ථානයට රුසියානු හමුදාව අවම වශයෙන් ගුවන් බෝම්බ ප්‍රහාර 9 ක් එල්ල කර ඇති බවයි. ප්‍රහාරයෙන් තවත් 50 දෙනෙකු පමණ අතුරුදහන් වී ඇති අතර ඔවුන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි. ප්‍රහාරයට ලක්වූ මෙම භූගත ආරක්ෂිත ස්ථානය පසුගිය වසරේදී යුරෝපා සංගමයේ මූල්‍ය ආධාර ඇතිව ඉදිකරන ලද්දක්. යුද සමයේදීත් පන්ති කාමර පවත්වාගෙන යාම සඳහා එය නිර්‍මාණය කර තිබුණද, සටන් තීව්‍ර වීමත් සමඟ ප්‍රදේශවාසීන් නික්ම යාම නිසා දැනට එය පන්ති පැවැත්වීමට භාවිතා කර නැහැ. කෙසේ වෙතත්, ප්‍රදේශයේ පාලන ආයතන විසින් මෙම ස්ථානය පරිපාලන මධ්‍යස්ථානයක් සහ සහන ආධාර බෙදා හරින ප්‍රධාන මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කරමින් සිටි බව සඳහන් වෙනවා. බෝම්බවල දැවැන්ත බලපෑම හේතුවෙන් ශක්තිමත් කොන්ක්‍රීට් ව්‍යුහය පවා කඩා වැටී ඇති අතර, පසුව එහි ගිනිගැනීමක්ද හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්‍තාවල දැක්වෙනවා. .
99mobile