
සිය බිරිද ඝාතනය කළ සැමියෙකු සොයා පොලිස් විමර්‍ශන
FM Heart · 1 min read
සාලියවැව, කුඹුක්කල්ල ප්‍රදේශයේ නිවසක් තුළ කාන්තාවක් මියගොස් සිටින බවට ලද පැමිණිල්ලක් මත පොලිසිය විසින් විමර්‍ශන ආරම්භ කර තිබෙනවා. මියගොස් ඇත්තේ කුඹුක්කල්ල ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි කාන්තාවක්. පවුල් ආරවුලක් දුරදිග යාමෙන් පසු ස්වාමි පුරුෂයා විසින් මෙම ඝාතනය සිදු කර ඇති බවට දැනට සිදු කරන ලද විමර්‍ශන අනුව පොලිසිය සැක කරන අතර, සැකකාර පුරුෂයා මේ වන විට ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවයි අනාවරණ වී ඇත්තේ. මෘත ශරීරය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයකින් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා පුත්තලම රෝහලේ මෘත ශරීරාගාරයේ එය තැන්පත් කර ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා සාලියවැව පොලිසිය විසින් වැඩිදුර විමර්‍ශන ක්‍රියාත්මක කරනු ලබනවා . .

