FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

ලොරි රථයක් විශාල ප්‍රපාතයකට පෙරලේ...

FM Heart · 1 min read

The Heart Academy
මෙම අනතුර සිදු වී ඇත්තේ නුවරඑළිය හැටන් නානුඔය වටරවුම් මාර්‍ගයේ කිරිමැටිය ප්‍ර දේශයේදිය. එළඹෙන දීපාවලී උත්සවය නිමිත්තෙන් කතරගම සිට තලවකැලේ නගරයේ ව්‍යාපාර කටයුතු සදහා නිමි ඇදුම් තොගයක් රැගෙන ගිය ලොරි රථයකුයි මෙසේ අනතුරට පත් වී ඇත්තේ. ධාවනය වෙමින් තිබූ බොලරෝ ලොරි රථය මාර්‍ගයෙන් ඉවතට පැන බෑවුම් දෙසට ඇළ වී තිබියදී එම ලොරි රථයේ සිටි තිදෙනා ලොරි රථයෙන් පැන දිවි බේරා ගැනීමත් සමග ඇළවී තිබූ ලොරි රථය ප්‍රපාතයට පෙරලුණු බවයි එම ලොරි රථයේ පැමිණි පිරිස කියා සිටියේ. අනතුරින් බොලරෝ ලොරි රථයට දැඩි ලෙස අලාභ හානි සිදු වී ඇත.
99mobile