FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

කජ්ජා ඝාතනයේ ප්‍රධාන සැකකාරිය කුදලාගෙන එයි

FM Heart · 2 min read

The Heart Academy
හුංගමදී “කජ්ජා” නමැත්තා සහ ඔහුගේ දරු දෙදෙනා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්‍ශන සඳහා අත්‍යවශ්‍යව සිටි ප්‍රධාන පෙළේ සැකකාරියක් වන “අචිනි” නොහොත් අනෝෂා ලක්මාලි නැමැති කාන්තාව ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට ගෙන අද (27) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙනවිත් ඇත. මිද්දෙණිය, කටුවන ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි වියේ පසුවන මෙම කාන්තාව ඝාතනයට ලක් වූ “කජ්ජා” නැමැත්තා සමඟ සමීප සබඳතා පවත්වා ඇති බව පොලිස් විමර්‍ශනවලදී හෙළි වී ඇති අතර ඇය එම ඝාතනයට ලක්වන අවස්ථාව වන විට “කජ්ජා” වෙත අවසාන දුරකථන ඇමතුම සහ කෙටි පණිවිඩය ලබාදී ඇත. “බැකෝ සමන්” නැමැත්තාගේ උපදෙස් මත, ආහාර ගැනීම සඳහා “කජ්ජා” සහ දරු දෙදෙනා අදාළ අවන්හල වෙත උපායශීලීව කැඳවාගෙන යාම සිදු කර ඇත්තේ ද ඇය විසින් බවට අනාවරණය වී ඇත. ඩුබායි රාජ්‍යයේ සැඟව සිටියදී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර සිටි මෙම සැකකාරිය මෙරටට රැගෙන ඒම සඳහා විශේෂ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එරට වෙත ගොස් ඇත. අනතුරුව අද (27) දින අලුයම 05.20ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL-226 දරන ගුවන් යානයෙන් ඇය කටුනායක ගුවන් තොටුපොළ වෙත ළඟා විය. එහිදී ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්‍තමේන්තු නිලධාරීන් විසින් ඇයගෙන් මූලික ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව, දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්‍තමේන්තු මූලස්ථානය වෙත රැගෙන ගොස් ඇත.
99mobile