FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

දේශපාලන ප්‍රබලයන් ඝාතන කුමන්ත්‍රණයක්.. සැකකරුවන් හදුනාගනී..

FM Heart · 1 min read

The Heart Academy
මෙම සිදුවීමට අදාළ කරුණු කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා හමුවේ වාර්‍තා කරමින් ත්‍රස්ත මර්‍දන හා විමර්‍ශන කොට්ඨාසයේ නිලධාරීන් සඳහන් කළේ, රාජ්‍ය විරෝධී හා ආරක්ෂාව අස්ථාවර කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන සංවිධානාත්මක කණ්ඩායමක් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සබඳතා ගොඩනගාගනිමින් මෙම ඝාතන සැලසුම දියත් කිරීමට සූදානම් වන බවට බුද්ධි තොරතුරු ලැබී ඇති බවයි. එම තොරතුරුවලට අනුව සිදුකළ මූලික විමර්‍ශනවලදී මෙම කුමන්ත්‍රණයට ඍජුවම සම්බන්ධ පුද්ගලයන් සහ සැකකරුවන් කවුරුන්දැයි හඳුනා ගැනීමට හැකි වූ බව ද විමර්‍ශන නිලධාරීහු අධිකරණයට පෙන්වා දුන්හ. ඉදිරිපත් වූ කරුණු කෙරෙහි අවධානය යොමු කළ අතිරේක මහෙස්ත්‍රාත්වරයා, මෙම සිද්ධිය සම්බන්ධයෙන් පවත්වනු ලබන විමර්‍ශන කඩිනම් කර එහි ප්‍රගතිය වහාම අධිකරණයට වාර්‍තා කරන ලෙසට ත්‍රස්ත මර්‍දන හා විමර්‍ශන කොට්ඨාසයට නියෝග කළේය.
99mobile