FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

අපි සජබෙ වහල්ලු නෙවෙයි... රිෂාඩ් බදියුදීන් සජබ පට්ට ගහමින් ආණ්ඩුවේ ගුණ වයයි

FM Heart · 2 min read

The Heart Academy
"අපි සමගි ජන බලවේගයේ වහල්ලු නෙවෙයි. සමගි ජන බලවේගය කියන්නේ දේශපාලන පක්ෂයක්, අපි ඒ සන්ධානයේ පාර්‍ශවකරුවන් විතරයි," යනුවෙන් සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක, හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අවධාරණය කරයි. කුරුණෑගලදී පැවැති ජනහමුවකට එක්වෙමින් ඒ මහතා කියා සිටියේ, සමගි ජන බලවේගයේ වර්‍තමාන දේශපාලන ගමන පිළිබඳව තමන් දැඩි කනගාටුව පළ කරන බවත්, දේශපාලන සන්ධානය ගොඩනැඟූ මූලධර්‍මවලින් බැහැර නොවන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට දැනුම් දුන් බවත්‍ය. ජනාධිපතිවරණ කැපවීම සහ වත්මන් වෙනස්කම් ජනාධිපතිවරණ දෙකකදීම සජිත් ප්‍රේමදාස මහතාට සහය දැක්වීම සඳහා තම පක්ෂයේ පාක්ෂිකයන් රුපියල් මිලියන ගණනින් මුදල් වියදම් කරමින් දිවා රාත්‍රී නොබලා කැපවීමෙන් කටයුතු කළ බව මතක් කළ රිෂාඩ් බදියුදීන් මහතා, ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර, පාර්‍ලිමේන්තු තනතුරු සහ අමාත්‍ය ධුර බෙදී ගියේ පක්ෂ අතර ඇති කරගත් ගිවිසුම් පදනම් කරගෙන බවද පෙන්වා දුන්නේය. කෙසේ වෙතත්, ජනාධිපතිවරණ සමයේදී පැවැති දේශපාලන ස්ථාවරයන්ගෙන් සමගි ජන බලවේගය මේ වන විට ඈත්වෙමින් සිටීම පිළිබඳව තමන් කනගාටු වන බවත්, එම ක්‍රියාකලාපය පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත දුරකථනයෙන් ඇමතුමක් ලබා දී සිය කනස්සල්ල පළ කළ බවත් ඔහු පැවසීය. "අපි එතුමා එක්ක සිටගත්තේ එතුමාගේ ප්‍රතිපත්ති සහ මූලධර්‍ම නිසයි. කෙතරම් දේශපාලන පසුබෑමකට ලක්වුණත් ඒ ප්‍රතිපත්ති පාවාදෙන්න එපා කියලා මම එතුමාට කිව්වා," යැයි බදියුදීන් මහතා සඳහන් කළේය. ජාතිවාදය සහ ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය ජාතිවාදයේ සහ ආගමික අන්තවාදයේ ඇති භයානකකම ශ්‍රී ලංකාවේ අතීත අත්දැකීම්වලින් මැනවින් සනාථ වී ඇති බව පෙන්වා දුන් හිටපු අමාත්‍යවරයා, ජාතිවාදය හෝ ආගමික අන්තවාදය යනු රටට, එහි ජනතාවට හෝ අනාගත පරම්පරාවට යහපත් දෙයක් නොවන බව ඉතිහාසය පෙන්වා දී ඇති බව ප්‍රකාශ කළේය. එමෙන්ම, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාතික ජන බලවේගයේ මැතිවරණ ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, දේශපාලන ප්‍රතිපත්ති කෙරෙහි මහජනතාව තබන විශ්වාසයේ වැදගත්කම එමගින් පෙන්නුම් කරන බවයි. ජාතිවාදයට සහ ආගමික අන්තවාදයට එරෙහිව ජාතික ජන බලවේගය දැක්වූ ස්ථාවරය මෙන්ම සමස්ත පද්ධතියේ වෙනසක් සඳහා ලබා දුන් පොරොන්දු කෙරෙහි විශ්වාසය තබමින් ජනතාව ඔවුන්ට ඡන්දය ලබා දී ඇති බවද රිෂාඩ් බදියුදීන් මහතා වැඩිදුරටත් කියා සිටියේය.
99mobile