
මාස දෙකකින් ගෑස් නෑ.. හිස් සිලින්ඩර ගොඩගැසේ..
FM Heart · 1 min read
නුවරඑළිය, හැටන්, තලවකැලේ, මස්කෙළිය, බගවන්තලාව ඇතුලු වතුකරයේ ප්රධාන නගරවල ලිට්රෝ ගෑස් අලෙවි නියෝජිතවරු විශාල පිරිසක් සිටින බවත්, එම කිසිදු අලෙවි නියෝජිතයෙකුට මාස දෙකක් තිස්සේ සිය සමාගම විසින් ගෑස් තොග නිකුත් නොකිරිම හමුවේ ගෘහස්ථ ගෑස් සිලින්ඩර් ලබා ගන්නා පාරිභෝගිකයන් දැඩි ලෙස පීඩාවට පත් වි ඇති බවයි ලාෆ් ගෑස් නියෝජිතයන් කියා සිටින්නේ. තවද, තමන් ලාෆ් ගෑස් අලෙවි නියෝජිතකම ලබා ගැනීම සදහා සිය සමගම වෙත හිස් ගෑස් සිලින්ඩර් සදහා විශාල මුදලක් වැය කල බවත්, එසේ වැය කල මුදලින්මේ වන විය කිසිදු ප්රයෝජනයක් ගැනීමට නොහැකි තත්වයක් උද්ගත වී ඇති බවයි අලෙවි නියෝජිතයන් කියා සිටින්නේ. ලාෆ් ගෑස් ගෘහස්ථ සිලින්ඩරයට ලිට්රෝ ගෑස් නිකුත් නොකරන බවත්, ලිට්රෝ සමාගම විසින් අලුතින් ගෑස් සිලින්ඩර් වෙළදපොළට නිකුත් නොකිරිම හමුවේ ලාෆ් ගෑස් පාරිභෝගිකයන්ට ලිට්රෝ ගෑස් සිලින්ඩරයක් මිලදී ගැනීමට නොහැකි වී ඇති බවද අලෙවි නියෝජිතයන් කියා සිටියි. ලාෆ් ගෑස් තොග නිකුත් නොකිරිම හමුවේ සිය ප්රධාන මව් සමාගමේ උසස් නිළධාරින්ට දුරකථන ඇමතුම් ලබා ගත්තද එම දුරකථන ඇමතුම්වලට එම සමාගයේ වගකියයුතු කිසිදු නිළධාරියෙක් ප්රතිචාර නොදක්වන බවද අලෙවි නියෝජිතයන් වැඩි දුරටත් කියා සිටියි.

