FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

ඊයේ පාසැල් වහන්න අපි නිර්‍දේශ කලේ නෑ..- කාළගුණ ප්‍රධානී

FM Heart · 1 min read

The Heart Academy
පැවති දේශගුණික තත්ත්වය හමුවේ පාසල් පවත්වන්නේද නැද්ද යන්න පිළිබඳව අධ්‍යාපන බලධාරීන් සිය දෙපාර්‍තමේන්තුවෙන් කිසිදු නිල විමසීමක් සිදු නොකළ බවත්, ඒ සම්බන්ධයෙන් කිසිදු පූර්‍ව සාකච්ඡාවක් පවා නොපැවැත්වුණු බවත් හෙතෙම පැවසීය. එබැවින් එදින පාසල් නොපැවැත්වීම කිසිසේත්ම කාලගුණ විද්‍යා දෙපාර්‍තමේන්තුවේ නිර්‍දේශයක් හෝ තීරණයක් නොවන බව අධ්‍යක්ෂ ජනරාල්වරයා පැහැදිලි කළේය. බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ වර්‍ධනය වූ ‘ඔර්‍නාබ්’ සුළි කුණාටුව මෙරට කාලගුණයට එල්ල කළ හැකි බලපෑම සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කිරීම සඳහා ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්, ආපදා කළමනාකරණ අංශවල සහභාගිත්වයෙන් 26 වැනිදා ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේදී විශේෂ මාධ්‍ය හමුවක් ද පවත්වා තිබිණි. එහිදී කාලගුණ විද්‍යා දෙපාර්‍තමේන්තුව නිල වශයෙන් අවධාරණය කර තිබුණේ අදාළ සුළි කුණාටුව ක්‍රමයෙන් ඉන්දියාව දෙසට ගමන් කරමින් පවතින බැවින්, ශ්‍රී ලංකාවට ඉන් එල්ල විය හැකි අවදානම හෝ ඍජු බලපෑම පැය කිහිපයක් ඇතුළත ශීඝ්‍රයෙන් පහව යමින් පවතින බවයි.
99mobile