
ගල් අගුරු ගැන අහන්න හිටපු ලොක්කෙක් රටින් ගෙන්නයි...
FM Heart · 2 min read
ෆර්නැන්ඩෝ මහතා මේ වන විට විදේශගතව පසුවන බැවින්, අදාළ කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දන්වා ඇති කැඳවීම් නියෝගය විද්යුත් තැපෑල ඔස්සේ ඔහු වෙත යොමු කර ඇත. ඒ මහතා විදුලිබල අමාත්යාංශයේ ලේකම් ධුරයට අමතරව කලක් ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා ලෙස ද කටයුතු කළ ප්රධාන පරිපාලන නිලධාරියෙකි. නොරොච්චෝලේ ලක්විජය බලාගාරය වෙනුවෙන් සිදුකළ ගල්අඟුරු මිලදී ගැනීම්වලදී ටෙන්ඩර් පටිපාටිය උල්ලංඝනය කරමින් සහ ප්රසම්පාදන මාර්ගෝපදේශ නොසලකා හරිමින් රජයට විශාල මූල්ය පාඩුවක් සිදු කළ බවට එල්ල වූ බරපතළ චෝදනා විමර්ශනය කිරීම සඳහා මෙම විශේෂ ජනාධිපති කොමිෂන් සභාව පත් කෙරිණි. එම විමර්ශනවලට අදාළව කොමිෂන් සභාව මේ වන විටත් විදුලිබල හා බලශක්ති ක්ෂේත්රයේ විවිධ ආයතන ප්රධානීන් 72 දෙනෙකුගෙන් සවිස්තර සාක්ෂි විමසා ඇති අතර, තවත් පුද්ගලයන් 370 දෙනෙකුගෙන් ප්රකාශ සටහන් කරගෙන අවසන්ය. ජනාධිපති කොමිෂන් සභාවේ නිල කාලය එළඹෙන දෙසැම්බර් මස 16 වැනිදායින් නිමාවීමට නියමිතව ඇති අතර, ඊට පෙර එනම් දෙසැම්බර් මස මුල් සතිය වන විට සිය අවසන් විමර්ශන වාර්තාව සකස් කර ජනාධිපතිවරයා වෙත භාරදීමට කොමිසම සැලසුම් කර තිබේ. ඊට අදාළ මූලික කෙටුම්පත් සකස් කිරීමේ කටයුතු ද මේ වන විට අරඹා ඇති බව වාර්තා වේ. ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම විශේෂ ත්රිපුද්ගල ජනාධිපති කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයන් ලෙස අභියාචනාධිකරණ විනිසුරු ආදිත්ය පටබැඳිගේ සහ මහාධිකරණ විනිසුරු සංජීව සෝමරත්න යන මහත්වරු කටයුතු කරති.

