FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

පැය 96ක් ඇතුළත ඉරානයට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කිරීමට අමෙරිකානු හමුදා සූදානම්...

FM Heart · 2 min read

The Heart Academy
නම් සඳහන් නොකළ අමෙරිකානු ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු උපුටා දක්වමින් සී.එන්.එන්. පුවත් සේවය ඉරිදා දිනයේ අනාවරණය කර ඇත්තේ, අමෙරිකානු මධ්‍යවාර මැතිවරණයෙන් අනතුරුව මෙවැනි බරපතළ හමුදාමය ක්‍රියාමාර්‍ගයකට එළඹෙන්නේද නැද්ද යන්න පිළිබඳව ජනාධිපති ට්‍රම්ප් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි. කෙසේ වෙතත්, එවැනි ප්‍රහාරයක් සඳහා අනුමැතිය හිමිවුවහොත් එය මීට පෙර එල්ල කළ පරිදි පහසුවෙන් යළි පිළිසකර කළ හැකි මිසයිල විදිනයන් හෝ රේඩාර් පද්ධති ඉලක්ක කරගත් සීමිත මෙහෙයුමකට එහා ගිය, අතිශය විනාශකාරී සහ පුළුල් මෙහෙයුමක් වනු ඇති බව එම නිලධාරීහු පෙන්වා දෙති. මේ අතර, ඉරානය වෙත ප්‍රහාර එල්ල කිරීම සඳහා ඊශ්‍රායලයද මේ වන විටත් සූදානමින් සිටින අතර, එම ප්‍රහාර සඳහා අමෙරිකාවේ සෘජු සහභාගීත්වය ලබාගැනීමට ඔවුන් දැඩි රාජ්‍යතාන්ත්‍රික උත්සාහයක නිරත වන බව අදාළ තොරතුරු සාකච්ඡාවලට සම්බන්ධ ආරංචි මාර්‍ගයක් සී.එන්.එන්. වෙත තහවුරු කර තිබේ. එහෙත් ජනාධිපති ට්‍රම්ප් ඇතුළු අමෙරිකානු පරිපාලනය විසින් ඊශ්‍රායලයට උපදෙස් දී ඇත්තේ, අවම වශයෙන් අමෙරිකානු මධ්‍යවාර මැතිවරණය අවසන් වන තෙක් ඉරානයට පහරදීමෙන් වළකින ලෙසයි. "සියලු යුද සැලසුම් සූදානම් කර අවසන්. ඒ සඳහා අවශ්‍ය වන්නේ ට්‍රම්ප්ගේ අනුමැතිය පමණයි. එය බොහෝදුරට මධ්‍යවාර මැතිවරණයෙන් පසු සිදුවිය හැකියි," යනුවෙන් අභ්‍යන්තර ආරංචි මාර්‍ගයක් ප්‍රකාශ කළ බව සී.එන්.එන්. පුවත් වාර්‍තාවේ දැක්වේ. අමෙරිකානු බුද්ධි අංශ තොරතුරු පෙන්වා දෙන්නේ, යළිත් වරක් අමෙරිකාවෙන් ප්‍රහාර එල්ල වීමේ හැකියාව පිළිබඳව ඉරානය මෙන්ම යේමනයේ හූති සටන්කාමීන් ද දැඩි විමසිල්ලෙන් හා බරපතළ ලෙස සලකා බලමින් සිටින බවයි. අමෙරිකාව හෝ ඊශ්‍රායලය විසින් එවැනි ප්‍රහාරයක් එල්ල කළහොත් මැදපෙරදිග කලාපයේ ස්ථානගත කර ඇති අමෙරිකානු හමුදා කඳවුරු සහ රාජ්‍යතාන්ත්‍රික කාර්‍යාල ඉලක්ක කරගනිමින් ඉරානයෙන් ක්ෂණික ප්‍රතිප්‍රහාර එල්ල විය හැකි බවටද අනතුරු අඟවා තිබේ. ඒ හේතුවෙන් කලාපයේ පිහිටි අමෙරිකානු තානාපති කාර්‍යාලවල සේවකයන් විශාල පිරිසක් ආරක්ෂිතව ඉවත් කරගැනීමටද වොෂින්ටනය සැලසුම් කරමින් සිටී. කෙසේ වෙතත්, පවතින වාතාවරණය හමුවේ ඉරානය හෝ හූති සටන්කාමීන් විසින් අමෙරිකානු හෝ ඊශ්‍රායල ඉලක්ක වෙත පූර්‍ව ප්‍රහාරයක් එල්ල කරනු ඇතැයි අමෙරිකානු බුද්ධි අංශ මේ මොහොතේ විශ්වාස නොකරන බවද අනාවරණය වේ. මෙම ආන්දෝලනාත්මක හෙළිදරව්ව සම්බන්ධයෙන් අදහස් දැක්වීම ධවල මන්දිරය විසින් ප්‍රතික්ෂේප කර ඇත. නමුත් පෙන්ටගනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සී.එන්.එන්. පුවත් සේවය වෙත ප්‍රකාශ කර ඇත්තේ, "ආරක්ෂක දෙපාර්‍තමේන්තුව යනු සැලසුම් සකස් කරන යාන්ත්‍රණයක්. එහි ප්‍රධාන කාර්‍යභාරය වන්නේ ජනාධිපතිවරයා ලබාදෙන අණ මත මිලිටරි විකල්පයන් නිර්‍මාණය කිරීම සහ ඒවා ක්‍රියාත්මක කිරීමයි," යනුවෙනි.
99mobile