
ලෝක යුද්දයේදී අපේ ස්ථාවරය ලෝකයම අගය කලා...
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. අදාළ නෞකා රැඳී සිටින්නේ මෙරට මුහුදු සීමාව තුළ නොවන බව පෙන්වා දුන් අමාත්‍යවරයා, එම තත්ත්වය සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි පියවර පිළිබඳව විදේශ කටයුතු අමාත්‍යාංශය ඉතා සමීපව සහ විමසිලිමත්ව කටයුතු කරමින් සිටින බව පැවසීය. පවතින ගෝලීය යුදමය වාතාවරණය හමුවේ ශ්‍රී ලංකාව නිරන්තරයෙන්ම අනුගමනය කරනු ලැබුවේ මධ්‍යස්ථ සහ නොබැඳි විදේශ ප්‍රතිපත්තියක් බව සිහිපත් කළ අමාත්‍යවරයා, මෙරට ක්‍රියාත්මක එම ප්‍රතිපත්තිය ජාත්‍යන්තර ප්‍රජාවගේ මෙන්ම යුද ගැටුම්වලට සම්බන්ධ පාර්‍ශ්වයන්ගේ ද ඉහළ ඇගයීමට ලක්ව ඇති බව පෙන්වා දුන්නේය. විශේෂයෙන්ම ඇමෙරිකානු සම්බාධක පිළිබඳව අවධානය යොමු කරමින් මෙරටට යම් අර්‍බුදකාරී තත්ත්වයක් මතුවිය හැකිදැයි මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේදී අමාත්‍යවරයා කියා සිටියේ, රට අර්‍බුදයකට ලක්වන හෝ රටට අවාසිදායක වන කිසිදු අත්තනෝමතික තීරණයකට රජය කිසිසේත්ම නොඑළඹෙන බවයි. අදාළ රටවල් සමඟ රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් සාකච්ඡා කරමින්, ජාතික අවශ්‍යතාවන්ට මුල්තැන දෙමින් නිසි ක්‍රමවේදයට අනුව ඉදිරි පියවර ගැනීමට රජය කටයුතු කරනු ඇති බව ද අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
Google AdSense
In-Article Ad

