FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

ඉන්දියා හිරෙන් පැන්න මහ කුඩු ජාවාරමෙක් වෙන්නප්පුවේ..

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

අනතුරුව බෝට්ටුවක් මඟින් යළි මෙරට වෙන්නප්පුව ප්‍රදේශයට පැමිණ සැඟව සිටියදී වෙන්නප්පුව පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. පසුව ඇප මත මුදාහැර සිටි මෙම සැකකරු, අදාළ නඩුව සඳහා අධිකරණය හමුවේ පෙනී සිටි අවස්ථාවකදී බන්ධනාගාර නිලධාරීන්ගේ භාරයෙන් මිදී යළිත් වරක් පලා ගොස් තිබිණි. මේ අතර, ඉන්දීය බන්ධනාගාරයෙන් පලා ඒම හේතුවෙන් ඉන්දීය රජයේ ඉල්ලීම මත මොහුට එරෙහිව ජාත්‍යන්තර පොලිසිය (ඉන්ටපෝල්) හරහා ජාත්‍යන්තර ‘රතු නිවේදනයක්’ ද නිකුත් කර තිබූ බව පොලිසිය පවසයි. මෙලෙස වරින් වර ආරක්ෂක අංශවලට කටඋත්තර දෙමින් පලාගිය සැකකරු වාද්දුව ප්‍රදේශයේ කුලී නිවසක රහසිගතව රැඳී සිටින බවට ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්‍ශන කාර්‍යාංශයේ නිලධාරීන්ට බුද්ධි තොරතුරක් ලැබී තිබිණි. ඒ අනුව වහා ක්‍රියාත්මක වූ පොලිස් කණ්ඩායමක් ඊයේ (30 වැනිදා) අලුයම එම නිවස වටලා සැකකරු අත්අඩංගුවට ගැනීමට සමත් විය. අත්අඩංගුවට ගත් සැකකරු මෙරට උදර්‍පන නීතිය යටතේ ඉදිරියේදී ඉන්දීය රජය වෙත භාරදීමට නියමිත අතර, ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්‍ශන කාර්‍යාංශය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්‍ශන මෙහෙයවයි.

Google AdSense

In-Article Ad