
පල්ලන්සේන රැදවියන් ගල්මුල් ගසති... නිලධාරින් කදුලු ගෑස් ගහයි..
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
උද්ගතව ඇති කලහකාරී වාතාවරණය මැඩපැවැත්වීම සඳහා පොලිසියට අමතරව පොලිස් විශේෂ කාර්ය බලකාය, කැරලි මර්දන ඒකකය සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව ද එම ස්ථානයට කැඳවා ඇති බව වාර්තා වේ. රැඳවියන් විසින් බන්ධනාගාර නිලධාරීන්ට සහ ආරක්ෂක අංශ වෙත දිගින් දිගටම ගල්මුල් ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් තත්ත්වය පාලනය කිරීමට මෙලෙස කඳුළු ගෑස් භාවිත කිරීමට සිදු ව ඇත. රැඳවියන් බන්ධනාගාරය තුළ කලහකාරී ලෙස හැසිරෙමින් සිටින අතර, එම අවස්ථාවේදී බන්ධනාගාරයෙන් පිටත ප්‍රදේශවාසීන් විශාල පිරිසක් ද රැස්ව සිටියි. මේ අතර, දිවයිනේ බන්ධනාගාර කිහිපයක වාර්තා වන නොසන්සුන්කාරී තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් බදුල්ල බන්ධනාගාරයේ ආරක්ෂාව ද උපරිම අයුරින් තර කිරීමට පියවර ගෙන ඇත. මෑතකදී ගැටුම්කාරී තත්ත්වයක් වාර්තා වූ මහර බන්ධනාගාරයේ සිට මාරු කර එවන ලද රැඳවියන් දස දෙනෙකු ද මෙම බන්ධනාගාරයේ රඳවා සිටින බව අනාවරණය වී තිබේ. පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ සෘජු අධීක්ෂණය යටතේ එහි විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇත.
Google AdSense
In-Article Ad

