
ඉරාජ් නිරුවතින් පාරේ යන්න අබියෝගය බාර ගනී...
FM Heart · 3 min read
Google AdSense
After Featured Image
තමන්ට එල්ල කරන දූෂණ චෝදනා ඔප්පු කළහොත් නිරුවතින් මහමග යන බවට සංගීත ශිල්පී ඉරාජ් වීරරත්න , යූ ටියුබ් ක්‍රියාකාරී සුදත්ත තිලකසිරි හෙවත් 'සුදා' වෙත විවෘත අභියෝගයක් ඉදිරිපත් කර තිබේ. හිටපු අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා සහ ජාතික තරුණ සේවා සභාව එක්ව සංවිධානය කළ 'ස්මාර්ට් යූත්'ප්‍රසංග මාලාව මෙහෙයවමින් ඉරාජ් වීරරත්න මහතා රුපියල් කෝටි ගණනක මුදලක් උපයා ඇති බවට සුදා විසින් චෝදනා කර තිබිණි. මෙම චෝදනා ප්‍රතික්ෂේප කරමින් ඉරාජ් වීරරත්න මහතා පවසන්නේ සති දෙකක් ඇතුළත එම චෝදනා ඔප්පු කරන ලෙසයි. එසේ ඔප්පු කිරීමට හැකි වුවහොත් තමන් පැලවත්ත ප්‍රදේශයේ නිරුවතින් දිවීමට සූදානම් බවත්, ඔප්පු කිරීමට අපොහොසත් වුවහොත් සුදා විසින් ද අභියෝගය භාරගත යුතු බවත් ඔහු සඳහන් කළේය. තමන් අදාළ ප්‍රසංග මාලාවේ සංවිධායකවරයෙකු නොවන බවත්, ජාතික තරුණ සේවා සභාවේ ආරාධනය මත මහරගම ඇතුළු ස්ථාන දෙකක පමණක් ගායනයෙන් දායක වූ බවත් ඉරාජ් මෙහිදී පැහැදිලි කළේය. එහිදී ද තරුණ තරුණියන් වෙනුවෙන් තමන් සාමාන්‍යයෙන් අය කරන මුදලට වඩා අඩු මුදලක් ලබාගත් බවත්, තමන්ට එරෙහිව එල්ල වන්නේ පදනම් විරහිත චෝදනා බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය. Musician Iraj Veeraratne Challenges Corruption Claims: Ready to Protest if Proven Prominent musician Iraj Veeraratne has openly challenged Sudatta Thilakasiri, a popular YouTube personality, to prove claims of corruption against him, threatening to take to the streets if the allegations are substantiated. This confrontation arises amid allegations made by Sudatta, who accused Veeraratne of earning significant sums of money orchestrating the 'Smart Youth' event series, organized in partnership with former Minister Harin Fernando and the National Youth Services Council. Veeraratne has robustly denied these accusations, asserting that Sudatta must provide evidence within the next two weeks. He stated that should such evidence be presented, he would be prepared to protest naked in the streets of Pelawatta. Conversely, he warned that if Sudatta fails to substantiate his claims, he should be held accountable for the challenge. Veeraratne clarified that he is not an organizer of the events in question; he merely performed at two locations, including Maharagama, upon invitation from the National Youth Services Council. He also emphasized that he received less payment than his usual fee for these performances and argued that the allegations against him are baseless and unfounded. *Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
Google AdSense
In-Article Ad

