FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

රවි සෙනෙවිරත්නගේ නඩුව අත්හිටුවමින් වාරණ නියෝගයක්..

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න මහතාට එරෙහිව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින රිය අනතුරු නඩුව ඉදිරියට පවත්වාගෙන යාම වළක්වාලමින් කොළඹ මහාධිකරණය අද (07) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. රවී සෙනෙවිරත්න මහතා විසින් ඉදිරිපත් කරන ලද ප්‍රතිශෝධන පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබේ. ඒ අනුව අදාළ රිය අනතුර සම්බන්ධයෙන් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩු කටයුතු මෙම ප්‍රතිශෝධන පෙත්සම විභාග කර අවසන් වන තෙක් හෝ වාරණ නියෝගය ඉවත් කරන තෙක් අත්හිටුවනු ඇත.

Google AdSense

In-Article Ad